NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

Slide 1
සාදරයෙන් පිළිගනිමු !
බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය
Slide 1
සාදරයෙන් පිළිගනිමු !
බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය
previous arrow
next arrow

NMAC පිළිබඳව

දළ විශ්ලේෂණය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සම්බන්ධීකරණය සහ කළමනාකරණ සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ මානුෂ්‍යවාදි බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන 2002 වර්ෂයේ දී පළමු වරට ආරම්භ කරන ලදී. බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම 2010 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කරනු ලැබූ අතර එහි ප්‍රතිඵල වූයේ එය එ.ජා.ස. වැඩසටහනේ කළමනාකාරිත්වයේ සිට පූර්ණ ජාතික හිමිකාරිත්වයක් කරා මාරු වීමයි.

NMAC ගැන

දළ විශ්ලේෂණය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සම්බන්ධීකරණය සහ කළමනාකරණ සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ කාර්යය වැඩසටහන 2002 වර්ෂයේ දී පළමු වරට ආරම්භ කරන ලදී. මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම 2010 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කරනු ලැබූ අතර එහි ප්‍රතිඵල වූයේ එය එ.ජා.ස. වැඩසටහනේ කළමනාකාරිත්වයේ සිට පූර්ණ ජාතික හිමිකාරිත්වයක් කරා මාරු වීමයි.

කාර්ය මණ්ඩල ධාරිතා වර්ධනය සහ සංක්‍රාන්තිය

සිවිල් යුද්ධය අවසන් වී දශකයකට වැඩි කාලයක් ගතවීමෙන් පසු, ශ්‍රී ලංකාව බිම් බෝම්බ ක්‍රියාකාරකම්වල අවසන් අදියරට පැමිණ තිබේ. මානුෂීය බිම් බෝම්බ ක්‍රියාකරුවන් හතර දෙනාගේ (MAG, HALO, DASH, සහ SHARP) ඒකාබද්ධ ශ්‍රම බලකාය උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචිව සිටින තුනෙන් එකක් කාන්තාවන් ඇතුළු කාර්ය මණ්ඩලය 3,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

ක්‍රියාකාරකම්

බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන හතරම (MAG, HALO, DASH, සහ SHARP) තම ආධාර ප්‍රදායකයන්ගේ සහාය ලබා ගනිමින් කාර්ය මණ්ඩල සංක්‍රාන්ති ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති අතර ඒ සඳහාම පත්කරනු ලැබූ කණ්ඩායමක් සමගින් මෙම ක්‍රියාදාමය තම තමන්ගේ සංවිධාන තුළ අධීක්ෂණ කරයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් පූර්ණ ධාරිතාවයෙන් යුතුව අඛණ්ඩව සිදුවන අතරෙහි, පිරිමි හා කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන්ගේ සූදානම ඉහළ නැංවීම පිණිස සහ ඔවුන් රැකියාවේ නිරතව සිටින අතරතුරම ආදායම් විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම පිණිස 1 වන අදියරේ මැදිහත්වීම් දැනට ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රවේශයක් සමඟ ක්‍රියාවට නංවමින් තිබේ.

විශේෂාංගගත සම්පත්

ශ්‍රී ලංකා බිම්බෝම්බ කාර්යය සම්පූර්ණ කිරීමේ උපායමාර්ගය

ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහයෝගයෙන් බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද බිම් බෝම්බ කාර්යය සම්පූර්ණ කිරීමේ ශ්‍රී ලංකා ජාතික උපායමාර්ගය, 2023 සිට 2027 දක්වා වන බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාතික ක්‍රියාකාරී වැඩසටහනේ උපායමාර්ගික දිශානතිය ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාව සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය, සම්මත මෙහෙයුම් කාර්ය පටිපාටිය

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සහ විනිවිදභාවයකින් පරිපාලන ක්ෂේත්‍ර ‘සම්පූර්ණ කිරීම’ ලේඛනගත කිරීමට රජයට හැකි වන පරිදි, දැනට සිදු කෙරෙන මැනුම් සහ බිම්බෝම්බ ඉවත් කිරීම වටා ඇති යාන්ත්‍රණයන් විධිමත් කරයි.



ශ්‍රී ලංකා ධාරිතා සංවර්ධන වැඩසටහන් මාර්ගෝපදේශ පත්‍රිකාව

මෙම කෙටි පත්‍රිකාව වෙනත් රටවල බිම් බෝම්බ ඉවත් කරන්නන් සඳහා කාර්ය මණ්ඩල සංක්‍රාන්ති වැඩසටහන් දියත් කිරීමට බලාපොරොත්තු වන බිම් බෝම්බ මෙහෙයුම්කරුවන් සඳහා වැදගත් පියවර, අන්තර් දෘෂ්ටි සහ නිර්දේශ ඉදිරිපත් කරයි.



නවතම සිදුවීම්

IMSMA Core ක්‍රියාත්මක කිරීම, 2024 ජූලි

IMSMA Core ක්‍රියාත්මක කිරීම, 2024 ජූලි IMSMA Core යනු භූගෝලීය තොරතුරු පද්ධති (GIS) මෘදුකාංගය මත ගොඩනැගුණු පද්ධතියක් වන අතර, එය ශ්‍රී ලංකාව ඇතුළු ජාතික බිම්බෝම්බ කාර්යය වැඩසටහන්වල නිශ්චිත මෙහෙයුම් සහ වාර්තාකරණ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද නම්‍යශීලී මෙවලම් සහ ක්‍රියාවලි

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කිරීමේ මාවතට සහාය වීම: GICHD හි වැඩමුළු, 2024 ජූනි

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කිරීමේ මාවතට සහාය වීම: GICHD හි වැඩමුළු, 2024 ජූනි ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාවට නැංවීමේ දී ශ්‍රී ලංකාවට සහය වීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස, ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය (GICHD) 2024 ජූනි මාසයේදී

අප අමතන්න

අපගේ ලිපිනය

ඔබගේ ඉල්ලීම් එවන්න

Skip to content