NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

කිලිනොච්චියේ පැවැති බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය

බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස, බිම්බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය MAG, HALO, DASH, SHARP යන ආයතන සහ ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීමේ ඒකකය අප්‍රේල් 6 වනදා කිලිනොච්චි මහජන ක්‍රීඩාංගනයේදී සුහද ක්‍රිකට් තරඟයකට සහභාගි විය. (වැඩි විස්තර කියවන්න)  

බිම් බෝම්බ සහ ඒවා තුරන් කිරීමට දරන උත්සාහයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කර ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු. ප්‍රසන්න රණතුංග මහතා සහ ධීවර අමාත්‍ය ගරු. ඩග්ලස් දේවානන්ද මහතා මෙම උත්සවය සමාරම්භ කරන ලදී. සිවිල් වැසියන්ට සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ  ක්‍රියාකාරී සංවිධානවල කාර්ය මණ්ඩලයට සිය සහයෝගය දැක්වීම සඳහා අනෙකුත් සංවිධානවල නියෝජිතයන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මිය සහ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවයට සමගාමීවථ අප්‍රේල් 06 වැනි දින යුද්ධයෙන් ශේෂ වූ අවි ආයුධවල අන්තරාදායකබව  සහ එවැනි නොදන්නා යමක් වැරදිමකින් හෝ යමෙකුට හමුවුවහොත් ගත හැකි හොඳම ක්‍රියාමාර්ග පිළිබච දැනුවත්භාවය ඇති කිරීම පිණිස පුපුරනසුළු ආයුධ අවදානම් අධ්‍යාපන සැසියක් කිලිනොච්චි නගරයේදී පවත්වන ලදී.

Mine Awareness Day_4
Mine Awareness Day_5
Mine Awareness Day_2
Mine Awareness Day_3
Skip to content