පුද්ගලනාශක බිම්බෝම්බ භාවිත කිරීම, තොග රැස්කිරීම, නිපදවීම සහ පැවරීම තහනම් කිරිම සහ ඒවා විනාශ කිරිම පිළිබඳ සම්මුතිය (පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය, ඔටාවා සම්මුතිය හෝ බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තිය ලෙස ද හඳුන්වනු ලබන) පුද්ගලනාශක බිම්බෝම්බ ආශ්‍රිත මානුෂීය ගැටලු ආමන්ත්‍රණය කිරීම අරමුණු කර ගත් ජාත්‍යන්තර ප්‍රඥප්තියකි. මෙම ප්‍රඥප්තිය 1997 සැප්තැම්බර් 18 වන දින කැනඩාවේ ඔටාවාහිදී සම්මත කර ගත් අතර එය 1999 මාර්තු 1 වනදා සිට බලාත්මක වේ.