බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රයත්නයන්ට අතිරේක දායකත්වයක සපයමින් බිම්බෝම්බ ක්‍රියාකාරිත්ව සංවිධාන පහ (HALO, MAG, DASH, SHARP, සහ SLA – HDU) පිපිරුම් යුද්ධෝපකරණ අවදානම් අධ්‍යාපනික ක්‍රියාකාරකම් සිදු කරයි. මෙම ක්‍රියාකාරකම්වලට බලපෑමට ලක් වූ ප්‍රජාවන්, රජයේ නිලධාරීන්, ගුරු භවතුන්, ශිෂ්‍යයන් සහ ළමා සමාජ ඉලක්ක කරමින් අධ්‍යාපනය සහ පුුහුණුව, මුද්‍රිත මාධ්‍යයෙන් ලේඛන බෙදා හැරීම, විශාල දැන්වීම් පුවරු භාවිතා කිරිම, බිත්ති සිතුවම්, ගෙයින් ගෙට සංචාර සහ මහජන තොරතුරු ව්‍යාපාර වැනි විවිධ ක්‍රියාකාරකම් අන්තර්ගත කර ඇත.