පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට 2017 දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාව එකඟතාව පළ කළ අතර එම සම්මුතිය 2018 ජූනි 1 වනදා සිට බලාත්මක විය. 2018 නොවැම්බර් 28 දින ඉදිරිපත් කරනු ලැබූ සිය පළමු පාරදෘශ්යතා වාර්තාවේ, තම හිමිකාරිත්වය හෝ සන්තකය යටතේ පවතින පුද්ගලනාශක බිම්බෝම්බ තොග පිළිබද ශ්රී ලංකාව වාර්තා කළේය.
පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 4 වන වගන්තියට අනුව එම සම්මුතියේ අත්සන්කරුවන් ඔවුන්ට අයත් හෝ සන්තකයේ පවතින හෝ තම අධිකරණ බල ප්රදේශය හෝ පාලනය යටතේ පවතින රැස්කර ගත් සියලු බිම්බෝම්බ තොග හැකිතාක් ඉක්මණින් නමුත් එම රාජ්ය පාර්ශවය සඳහා බිමිබෝම්බ තහනම් කිරීමේ සම්මුතිය බලාත්මක වූ දින සිට වසර හතරකට නොවැඩි කාලයක් තුළ විනාශ කිරීමට හෝ විනාශ කිරීම සහතික කිරීම සඳහා කටයුතු කළ යුතු යැයි නියම කර ඇත.
සම්මුතිය යටතේ තම බැඳීම් සපුරා ඇති බව 2021 සැප්තැම්බර් 30 වන දින ශ්රී ලංකාව වාර්තා කරන ලදී. රට වෙනුවෙන් පනවා තිබූ අවසන් කාලසීමාවට වසරකට ආසන්න කාලයකට පෙර, මුළු එකතුව වූ බිම්බෝම්බ 12,000 ක් විනාශ කළ බව ශ්රී ලංකාව වාර්තා කරන ලදී.