NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

කාර්යභාරය සහ මෙහෙයුම්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකරණය සහ කළමනාකරණ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පළමුව ස්ථාපිත කරනු ලැබූයේ 2022 වසරේදී ය.

2010 වසරේ දී ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම නිල වශයෙන් අනුමත කරනු ලැබූ අතර එහි ප්‍රතිඵල වූයේ එය එ.ජා.ස.වැඩසටහනේ කළමනාකාරිත්වයේ සිට පූර්ණ ජාතික හිමිකාරිත්වයක් කරා මාරු වීමයි.

එතැන් සිට, එම මධ්‍යස්ථානය විවිධ අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවැති අතර වර්තමානයේ දී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචිකිරීම් අංශය තුළ ස්ථාපිත කර ඇති අතර, මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරයි.

පිපිරුම් යුද්ධෝපකරණ (EO) හඳුනා ගැනීම හා ඉවත් කිරීම පිණිස සහ ජාත්‍යන්තර බිම්බෝම්බ කාර්යය ප්‍රමිතීන්ට අනුකූලව පිපිරුම් යුද්ධෝපකරණ අවදානම් අධ්‍යාපනය ලබා දීම පිණිස බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය මයින් ඇඩ්වසරි ගෘප් (Mines Advisory Group) සහ හේලෝ භාරය (Halo Trust) යන ජාත්‍යන්තර පාර්ශවකරුවන් දෙදෙනා සහ සමාජ සංහිඳියාව සඳහා වන ඩෙල්වොන් ආයතනය (DASH) සහ ස්කැවිතා මානුෂීය සහය සහ සහන ව්‍යාපෘතිය (SHARP) ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA HDU) යන දේශීය පාර්ශවකරුවන් දෙදෙනා සමඟ සහයෝගිතාවයෙන් කටයුතු කරයි. මෙම කාර්යය ඉටු කිරීමට අවශ්‍ය අරමුදල් ලබා දෙනුයේ ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නෝර්වේ, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය සහ ස්විට්සර්ලන්තය පදනම් කොට ගත් බිම්බෝම්බ වලින් තොර ලොවක් පදනම ඇතුළුව අන්තර්ජාතික ආධාර ප්‍රදායකයන් කිහිප දෙනෙකු ය.
2027 වසර වන විට බිම්බෝම්බ වලින් තොර වීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරමින්, රට පුරා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සහ මග පෙන්වීම පිණිස බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ විධි නියෝගය 2027 වසර දක්වා දීර්ඝ කිරීම 2024 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මධ්‍යස්ථානයේ කාර්යාලය බත්තරමුල්ල සෙත්සිරිපායේ අදියර 1 හි 5වන මහලේ පිහිටා තිබේ. ප්‍රාදේශීය බිම් බෝම්බ ක්‍රියාකාරී කාර්යාලය කිලිනොච්චියේ පිහිටා ඇති අතර සම්බන්ධීකරණය, කාර්යය පැවරුම, තත්ත්ව කළමනාකරණය සිදු කිරීම සහ තොරතුරු කළමනාකරණය සදහා එය වගකියනු ලබයි. රජයේ දිස්ත්‍රික් අධිකාරිවල ප්‍රධානත්වය දරන රජයේ දිසාපතිවරුන් විසින් සභාපතිත්වය දරන දිස්ත්‍රික් බිම්බෝම්බ මෙහෙයුම් කමිටු සමග බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සහ බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ප්‍රාදේශීය කාර්යාලය සමීපව කටයුතු කරයි.

වෙඩිද්‍රව්‍ය හදුනාගැනීම හා ඉවත් කිරිම පිණිස සහ බිම්බෝම්බ පිළිබද අන්තර් ජාතික  ප්‍රමිතීන්වලට අනුකූලව වෙඩිද්‍රව්‍ය අවදානම පිළිබඳ අධ්‍යපනය ලබාදීම  පිණිස බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය මැග් (Mines Advisory Group) සහ හලෝ ට්‍රස්ට් (HALO Trust) යන ජාත්‍යන්තර පාර්ශවකරුවන් දෙදෙනා  සහ ඩෑෂ් (DASH), ෂාප් (SHARP) සහ ශ්‍රීලංකා යුධ හමුදා මානුෂ්‍යවාදි බිම්බෝම්බ ඉවත් කිරිමේ ඒකකය (SLAHDU) යන දේශීය පාර්ශවකරුවන්ද සමඟින් සහයෝගීතාවයෙන් කටයුතු කරයි.

මෙම කාර්යය ඉටු කිරිමට අවශ්‍ය අරමුදල් ලබා දෙනුයේ ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රේලියාව,  කැනඩාව,  ජර්මනිය, ජපානය, නොර්වේ, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය පදනම් කොටගත් බිම්බෝම්බ වලින් තොර ලොවක් පදනම ඇතුළුව අන්තර් ජාතික ආධාර ප්‍රධායකයන්ය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකරණ සහ කළමනාකරණ සහය ඇතිව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන පළමුව ස්ථාපිත කරනු ලැබුයේ 2002 වසරේදී ය.

බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම 2010 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කරනු ලැබු අතර, එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කළමණාකාරීත්වයේ සිට පූර්ණ ජාතික හිමිකාරීත්වයක් කරා මාරු වීමයි.

එතැන් සිට, බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය විවිධ අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවැති අතර වර්ථමානයෙහි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය යටතේ ස්ථාපිත කර ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරයා බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ  අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරයි.

බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථාන කාර්යාලය බත්තරමුල්ල සෙත්සිරිපායේ අදියර 1 හි 5 වන මහලේ පිහිටා තිබේ.

බිම්බෝම්බ පිළිබද කළාපීය ක්‍රියාකාරි කාර්යාලය කිලිනොච්චියේ පිහිටා ඇති අතර, සම්බන්ධීකරණය, කාර්යය පැවරුම, තත්ත්ව කළමනාකරණය සිදුකිරිම සහ තොරතුරු කළමනාකරණය සදහා එය වගකිය යුතුය.

රජයේ දිස්ත්‍රික් අධිකාරිවල ප්‍රධානත්වය දරන රජයේ දිසාපතිවරුන් විසින් සභාපතිත්වය දරන දිස්ත්‍රික් බිම්බෝම්බ මෙහෙයුම් කමිටු සමඟ බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථාන සහ බිම්බෝම්බ පිළිබද කළාපීය ක්‍රියාකාරි කාර්යාලය සමීපව කටයුතු කරයි.

එසේම බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයට මේ වන විට තවත් විශේෂඥයන් දෙදෙනෙකුගේ සහාය ද හිමි වී ඇත.

2023-2027 ජාතික බිම්බෝම්බ කාර්යය සම්පූර්ණ කිරීමේ උපාය මාර්ගයේ උපායමාර්ගික අභිමතාර්ථ 4 "කාර්ය මණ්ඩල සංක්‍රාන්තිය" ක්‍රියාත්මක කිරීමට සහාය වනු පිණිස MAG ආයතනයේ ජීවනෝපාය පිළිබඳ උපදේශකයකු NMAC වෙත අනුයුක්ත කර ඇත.

ජාතික උපාය මාර්ගගේ උපායමාර්ගික අභිමතාර්ථ 1 "ඉඩම් නිදහස් කිරීම සහ පිපිරුම් යුද්ධෝපකරණ පිළිබඳ අවදානම් අධ්‍යාපනය" සමග සමපාත වෙමින් බිම්බෝම්බ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජාතික තොරතුරු කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරිම පිණිස මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වූ ජිනීවා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (GICHD) තොරතුරු කළමනාකරණ විශේෂඥයකු කටයුතු කරයි.

Skip to content