NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

අපගේ ප්‍රවේශය

බිම්බෝම්බ ඉවත් කරන්නන්ගේ සංක්‍රාන්තිය වෙත අපගේ ප්‍රවේශය

නිසැක කිරීම සහ අදියරගත කාර්යයන් අවසන් වන තුරු, ක්‍රමික කාර්ය මණ්ඩල මුදවාලීමේ ක්‍රියාදාමයට පෙර සහ අතරතුර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කාර්ය මණ්ඩල සංක්‍රාන්ති ක්‍රියාදාමය ප්‍රධාන අදියර තුනක් වටා ව්‍යුහගත කර ඇත.

ඉවත්ව යාමේ කාල සීමාව අතරතුර, සේවා කාලයෙන් පසුව සහ/හෝ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට නොහැකි වැසි සමය අතරතුර අදියර 1 හි මැදිහත්වීම් බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වලට සමාන්තරව ක්‍රියාවට නංවනු ඇත. අදියර 1 අරමුණු දෙකක් සපුරාලයි. (1) කාර්ය මණ්ඩලයේ සේවා නියුක්ත කුසලතා පරතරය පියවීම මගින් කාර්ය මණ්ඩල සූදානම ඉහළ නැංවීම, සහ (2) සේවයෙන් මුදවාලීමේ ක්‍රියාදාමය ආරම්භ වන තෙක් අපට ඔවුන් රඳවා ගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ චිත්ත ධෛර්යය හා අභිප්‍රේරණය පවත්වා ගැනීම.

සියලු ශ්‍රම බලකායේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි අත්‍යාවශ්‍ය කුසලතාවලින් ඔවුන් සන්නද්ධ කරන අතරම, ඉල්ලුමක් ඇති රැකියා වෙත සාර්ථකව සංක්‍රමණය වීම පිණිස ඔවුන්ගේ තාක්ෂණික සහ/හෝ වෘත්තීමය ධාරිතාව වැඩි දියුණු කිරීමේ අරමුණින්, බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සම්පූර්ණ කිරීම සඳහා පනවා ඇති අවසන් දිනයට පෙර කාර්ය මණ්ඩලයේ කුඩා සංඛ්‍යාවක් සහිතව අතිරික්ත සේවක ඉවත් කිරීමේ වැඩසටහනක් මෙහෙයවනු ඇත.

2 වන අදියරේදී උගත් පාඩම් අන්තර්ගත කිරීම මගින් අතිරික්ත සේවකයන් ඉවත් කිරීමේ වැඩසටහන වේගවත් කිරීමෙන් 3 වන අදියර සමන්විත වන අතර කාණ්ඩ පද්ධතියක් භාවිතා කරමින් 200 සිට 300 දක්වා අතිරික්ත කාර්ය මණ්ඩලයක් වසරකට ඉවත් කරනු ඇත. (බිම්බෝම්බ ඉවත් කිරීමේ අවශ්‍යතා පදනම් කර ගනිමින්) සහාය ලබා දෙන උපරිම කාල සීමාව සහ පාර්ශවකරුවන් සහ/හෝ සේවා සපයන්නන් විසින් සිදුකරනු ලබන පසු විපරම නියමු අදියර අවසානයේදී අර්ථ නිරූපණය කරනු ලබන අතර බාහිර බාධකයන් පැවැතුණහොත් (උදා: මුදල් තිබීම, ශ්‍රම වෙළඳ පොළ තත්ත්වය යනාදිය) සමාලෝචනය කරනු ඇත.

(1) විකල්ප ආර්ථික ක්‍රියාකාරකම් වෙත ප්‍රවේශවීම සඳහා කාර්ය මණ්ඩලය අතර තරඟය වැළැක්වීම (එකම සංවිධානය තුළ සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ අංශය යන දෙකෙහිම) සහ (2) ලබා දෙන සහායේ ගුණාත්මකබව දුර්වල කළ හැකි, සීමිත කාල රාමුවක් තුල කාර්ය මණ්ඩල සංක්‍රාන්තියට උදව් වීම පිණිස එකම පාර්ශවකරුවන් සහ සේවා සපයන්නන් අධිකව එක් රැස් කිරීම වැළැක්වීම පිණිස ක්‍රමික හා මැනවින් සමායෝජිත කාර්ය මණ්ඩල මුදවාලීමක් අත්‍යාවශ්‍ය වනු ඇත.

සේවාභිමුඛ සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනට සහාය වීම පිණිස, 2 වන අදියර ආරම්භ කිරීමට පෙර ඉල්ලුමක් සහිත රැකියා, යෝග්‍ය පාඨමාලා සහ ආධාරක ක්‍රියාකාරකම්වල නිශ්චිත ලැයිස්තුවක් ඇතුළුව පශ්චාත් බිම්බෝම්බ ඉවත් කිරීමේ සංක්‍රාන්ති විකල්ප සමූහයක් සකස් කොට අවසන් කරනු ඇත. අංශය පුරාම බලපෑමට ලක් වූ සේවකයන් සඳහා සුසංවිධිත සංක්‍රාන්ති ක්‍රියාදාමයක් සහතික කරමින්, අදාළ සේවා සපයන්නන් සහ බාහිර පාර්ශවකරුවන් සමග ගිවිසුම්ගතව එකඟතාවන්ට එළඹීම මෙම විකල්ප සමග සිදු වනු ඇත. ඊට අමතරව, පූර්ව නිශ්චිත සහායක කාණ්ඩ තුලට නොවැටෙන පුද්ගලයන්ට ආධාර වීම පිණිස යොමුකිරීම් පද්ධතියක් ක්‍රියාවට නංවනු ඇත.

වත්මනෙහි, පහත දැක්වෙන ඉල්ලුමක් සහිත රැකියා හඳුනාගෙන ඇති අතර, මෙම ලැයිස්තුව නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලබයි.

තම බිම්බෝම්බ ඉවත් කරන්නන් සඳහා සමාන වැඩසටහන් දියත් කිරීමට උනන්දුවක් දක්වන අනෙකුත් රටවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්කරුවන් සඳහා වැදගත් පියවර, අන්තර් දෘෂ්ඨි සහ නිර්දේශ සපයන පහත ලේඛන කරුණාකර බාගත කරගන්න.

Skip to content