NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

අපගේ ක්‍රියාකාරකම්

අදියර 1 මැදිහත්වීම්

බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන හතරම (MAG, HALO, DASH, සහ SHARP) තම ආධාර ප්‍රදායකයන්ගේ සහාය ලබා ගනිමින් කාර්ය මණ්ඩල සංක්‍රාන්ති ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති අතර ඒ සඳහාම පත්කරනු ලැබූ කණ්ඩායමක් සමගින් මෙම ක්‍රියාදාමය තම තමන්ගේ සංවිධාන තුළ අධීක්ෂණ කරයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් පූර්ණ ධාරිතාවයෙන් යුතුව අඛණ්ඩව සිදුවන අතරෙහි, පිරිමි හා කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන්ගේ සූදානම ඉහළ නැංවීම පිණිස සහ ඔවුන් රැකියාවේ නිරතව සිටින අතරතුරම ආදායම් විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම පිණිස 1 වන අදියරේ මැදිහත්වීම් දැනට ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රවේශයක් සමඟ ක්‍රියාවට නංවමින් තිබේ. ප්‍රධාන මැදිහත්වීම් අතරට පහත දෑ අන්තර්ගත වේ.

මූල්‍ය සාක්ෂරතා පුහුණුව බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ මාසික වැටුප ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට, පුද්ගලික මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමට, පවතින විකල්ප මත පදනම්ව දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ අනාගතය සඳහා සැලසුම් කිරීමට සහාය වේ. ඉතුරුම්, ණය කළමනාකරණය, අයවැයකරණය, රක්ෂණය සහ මූල්‍ය සේවා සපයන්නන් වෙත ප්‍රවේශය වැනි මාතෘකා මෙම පුහුණුව මගින්  ආවරණය කරනු ලබයි. අවශ්‍යතා ඇති අයට ගැලපෙන සහය ලබා දීම සඳහා තනි පුද්ගල මූල්‍ය උපදේශනය ද පිරිනමනු ලැබේ.

සේවා සපයන්නා: අයිඩියාස් කන්සල්ටන්සි (පුද්ගලික) සමාගම

සාධනය: 2023 දෙසැම්බර් වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,630 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

දෙමළ සාක්ෂරතා පන්ති මගින් දෙමළ භාෂාව (ඔවුන්ගේ මව් භාෂාව) පිළිබඳ අඩු සාක්ෂරතාවක් ඇති කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ කියවීමේ සහ ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සහාය වන අතර, ඔවුන්ගේ දෛනික ජීවිතය වඩා හොඳින් කළමනාකරණය කිරීමට සහ බිම්බෝම්බ ක්‍රියාකාරී වැඩසටහන අවසන් වූ පසු අභ්‍යන්තර උසස්වීම් සහ පුළුල් අවස්ථාවන්ට ප්‍රවේශ වීමට ඔවුන්ට හැකි වේ.

සේවා සපයන්නා: කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල කලාප අධ්‍යාපන කාර්යාලවල සම්පත් පුහුණුකරුවන්

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG සහ HALO කාර්ය මණ්ඩල සාමාජිකයන් 81 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

කථන සිංහල පුහුණුව මගින් දෙමළ කතා කරන කාර්ය මණ්ඩලය මෙරට මූලික භාෂාව වන සිංහල භාෂාවේ ප්‍රවීණතාවයෙන් සන්නද්ධ කරමින්, ඔවුන්ගේ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි. මෙම ප්‍රවීණතාවය ඔවුන්ගේ විශ්වාසය වැඩි කරනවා පමණක් නොව උතුරු හා නැගෙනහිර පළාත් තුළ සහ ඉන් බාහිරව රැකියා අවස්ථා සොයා ගැනීම සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවස්ථා සඳහා ඔවුන්ගේ අපේක්ෂාවන් පුළුල් කරයි. භාෂා පුහුණුව සඳහා ප්‍රවීණතාවය ලබා ගැනීමට කාලය අවශ්‍ය වන බැවින් කලින් ආරම්භ කිරීම වැදගත් වේ.

සේවා සපයන්නා: ද ලෙජෙන්ඩ් ආයතනය

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG කාර්ය මණ්ඩල සාමාජිකයන් 268 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

ඉංග්‍රීසි කුසලතා පුහුණුව වෘත්තීය අවස්ථා වැඩි දියුණු කරමින් සහ දේශීය හා ජාත්‍යන්තරව වෘත්තීය සංවර්ධනයට සහාය වෙමින් ඔවුන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සහ අනාගත ප්‍රයත්නවල ඵලදායී සන්නිවේදනය සඳහා අවශ්‍ය භාෂා චාතුර්යයෙන් ඔවුන්ව සන්නද්ධ කරයි. භාෂා පුහුණුව සඳහා ප්‍රවීණතාවය ලබා ගැනීමට කාලය අවශ්‍ය වන බැවින් කලින් ආරම්භ කිරීම වැදගත් වේ.

සේවා සපයන්නා: වවුනියාව විශ්වවිද්‍යාලය (MAG); සංවිධානයේ ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය (HALO); ඩීඑම්අයි ආයතනය (SHARP)

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG, HALO සහ SHARP කාර්ය මණ්ඩල සාමාජිකයන් 209 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

සේවාභිමුඛ වැඩසටහන මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නේවාසික දිස්ත්‍රික්කවල සපයනු ලබන සේවාවන් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන අතර ද්විතීයික ආදායම් මාර්ග සඳහා බිම්බෝම්බ ඉවත් කරන්නන්ට වාණිජ ගොවිතැනක හෝ කුඩා ව්‍යාපාරවල නිරත වීමට ඇති අවස්ථා ගවේෂණය කිරීම අරමුණු කරයි.

සේවා සපයන්නා: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG සහ SHARP කාර්ය මණ්ඩල සාමාජිකයන් 583 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

තො.ස.තා. කුසලතා පුහුණුව මගින් කාර්ය මණ්ඩලයට වෘත්තීය සහ පුද්ගලික සන්දර්භය තුළ තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව ලබා දෙමින් මූලික පරිගණක මෙහෙයුම්, MS Office යෙදුම් (Word, Excel, PowerPoint, Outlook), Zoom සහ Microsoft Teams වැනි සන්නිවේදන මෙවලම්, අන්තර්ජාල සංචලන කුසලතා සහ මූලික පරිගණක අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා අත්‍යවශ්‍ය නිපුණතාවලින් ඔවුන් සන්නද්ධ කරයි.

සේවා සපයන්නා: සිනෙක් විශ්වවිදයාල මණ්ඩපය

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG කාර්ය මණ්ඩල සාමාජිකයන් 75 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

සංචලතා ආධාරක වැඩසටහන කාර්ය මණ්ඩලයට, විශේෂයෙන් කාන්තාවන්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට, ඔවුන්ගේ සංචලනය සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ධාවන බලපත්‍රයක් ලබා ගැනීමට සහාය වේ. පුද්ගලික ප්‍රවාහනයට ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම, එමඟින් ඔවුන්ගේ ස්වාධීනත්වය, අවස්ථා සඳහා ප්‍රවේශය සහ සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මගින් ඔවුන් සවිබල ගැන්වීම මෙම මුලපිරීමේ අරමුණයි.

සේවා සපයන්නා: මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG සහ SHARP කාර්ය මණ්ඩල සාමාජිකයන් 51 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

සවිබල ගැන්වීමේ වැඩසටහනේ අරමුණ වන්නේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ පිරිමි සගයන්ට සාපේක්ෂව අඩු සේවා පළපුරුද්දක් ඇති කාන්තා බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලය අතර විශ්වාසය ගොඩනැගීම, අභිප්‍රේරණය, කාල කළමනාකරණය, චිත්තවේගීය බුද්ධිය සහ ආතතිය කළමනාකරණය වැනි අත්‍යවශ්‍ය මෘදු කුසලතා වර්ධනය කිරීමයි. කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන්ට ප්‍රධාන වශයෙන් පිරිමි ආධිපත්‍යය දරන කර්මාන්තයක වැඩ කිරීමේ අද්විතීය අභියෝගවලට මුහුණ දී සාර්ථකව කටයුතු කිරිමට උපකාර කිරීම සඳහා මෙම කුසලතා වැදගත් වේ.

සේවා සපයන්නා: වවුනියාව විශ්වවිද්‍යාලය

සාධනය: 2023 දෙසැම්බර් වන විට, MAG ආයතනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයන් 23 දෙනෙකු මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

උතුරු හා නැගෙනහිර පළාත්වල සමාජ-ආර්ථික සහ අතීත ගැටුම් සන්දර්භය තුළ ඇති විය හැකි පීඩාවන් සහ කම්පන තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීම උදෙසා මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සහය (MHPSS) වැඩසටහන මගින් බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රම බලකාය අතර යහපැවැත්ම, ඔරොත්තු දීමේ හැකියාව සහ ධනාත්මකව මුහුණ දීමේ යාන්ත්‍රණයන් ප්‍රවර්ධනය කෙරේ.

සේවා සපයන්නා: MAG ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පවුල් පුනරුත්ථාපන මධ්‍යස්ථානය (MAG); කිලිනොච්චි වෛද්‍ය සංගමය (HALO); රජයේ උපදේශකයින් (SHARP)

සාධනය: 2023 දෙසැම්බර් වන විට, HALO කාර්ය මණ්ඩල සාමාජිකයන් 93 දෙනෙකු සහ SHARP කාර්ය මණ්ඩල සාමාජිකයන් 202 දෙනෙකු සමගින් MAG ආයතනයේ 800 කට වැඩි මෙහෙයුම් කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම මැදිහත්වීමෙන් ප්‍රතිලාභ ලබා ඇත.

වවුනියාව විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය ඇතිව MAG විසින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනෙකු සඳහා නායකත්ව පුහුණුව පැවැත්වීය. SHARP විසින් කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනෙකු සඳහා කම්කරු රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව කාර්ය මණ්ඩල සාමාජිකයින් 156 දෙනෙකු සඳහා බෝවන සහ බෝ නොවන රෝග පිළිබඳ තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

2වන අදියරේ මැදිහත්වීම්

MAG ආයතනය, Kiwikaha Learning හි තාක්ෂණික සහාය ඇතිව, බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රම බලකාය ඉහළ ඉල්ලුමක් ඇති ඉදිකිරීම් ආශ්‍රිත වෘත්තීන් තුනකට සංක්‍රමණය කිරීමට පහසුකම් සැලසීම සඳහා NVQ 3 මට්ටමේ ප්‍රතීතනය අපේක්ෂාවෙන් සිටින ව්‍යාපෘති ආකාරයේ පරිසරයක් තුළ අන්තර්ගත කර සති 12 කඩිනම් පුහුණු යෝජනා ක්‍රමයක් සකස් කරන ලදී. : පින්තාරු කරන්නා (ගොඩනැගිලි), ටයිල් අතුරන්නා, සහ ඉදිකිරීම් උපකරණ ක්‍රියාකරු.

ප්‍රධාන ඉදිකිරීම් සමාගම් දෙකක් වන MAGA සහ Sanken/STAM සහ තෘතීයික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) ඇතුළු ප්‍රධාන රජයේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් මෙම මුලපිරීම සංවර්ධනය කරන ලදී.

දිගු සංක්‍රාන්ති සහ නැවත පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් දිරිගැන්වීම් නොලැබීමට හේතු විය හැකි, දැනට පවතින වෘත්තීය පුහුණු පාඨමාලා වෙත කාර්ය මණ්ඩලය යොමු කිරීමේ සම්ප්‍රදායික මාර්ගය අනුගමනය කරනවා වෙනුවට, මෙම නියමු ‘කඩිනම්’ පුහුණු යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රම බලකායේ පවතින කුසලතා පළමුව තක්සේරු කර පසුව ඉලක්කගත පුහුණුව ලබා දීමයි. අවශ්‍ය තාක්ෂණික නිපුණතා ලබා ගැනීමට මෙම ප්‍රවේශය වඩාත් ගැලපෙන සහ කඩිනම් පාඨමාලා පැවැත්වීමේ ක්‍රියාවලියක් සහතික කරයි.

අංශ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව (MAG ජීවනෝපාය උපදේශක විසින් පහසුකම් සපයනු ලබයි)

Skip to content