NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

කාර්යභාරය සහ මෙහෙයුම්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකරණ සහ කළමනාකරණ සහය ඇතිව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන පළමුව ස්ථාපිත කරනු ලැබුයේ 2002 වසරේදී ය. බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම 2010 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කරනු ලැබු අතර, එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කළමණාකාරීත්වයේ සිට පූර්ණ ජාතික හිමිකාරීත්වයක් කරා මාරු වීමයි. එතැන් සිට, බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය විවිධ අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවැති අතර වර්ථමානයෙහි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය යටතේ ස්ථාපිත කර ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරයා බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ  අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරයි.
වෙඩිද්‍රව්‍ය හදුනාගැනීම හා ඉවත් කිරිම පිණිස සහ බිම්බෝම්බ පිළිබද අන්තර් ජාතික  ප්‍රමිතීන්වලට අනුකූලව වෙඩිද්‍රව්‍ය අවදානම පිළිබඳ අධ්‍යපනය ලබාදීම  පිණිස බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය මැග් (Mines Advisory Group) සහ හලෝ ට්‍රස්ට් (HALO Trust) යන ජාත්‍යන්තර පාර්ශවකරුවන් දෙදෙනා  සහ ඩෑෂ් (DASH), ෂාප් (SHARP) සහ ශ්‍රීලංකා යුධ හමුදා මානුෂ්‍යවාදි බිම්බෝම්බ ඉවත් කිරිමේ ඒකකය (SLAHDU) යන දේශීය පාර්ශවකරුවන්ද සමඟින් සහයෝගීතාවයෙන් කටයුතු කරයි. මෙම කාර්යය ඉටු කිරිමට අවශ්‍ය අරමුදල් ලබා දෙනුයේ ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රේලියාව,  කැනඩාව,  ජර්මනිය, ජපානය, නොර්වේ, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය පදනම් කොටගත් බිම්බෝම්බ වලින් තොර ලොවක් පදනම ඇතුළුව අන්තර් ජාතික ආධාර ප්‍රධායකයන්ය.
2027 වසර වන විට බිම්බෝම්බ වලින් තොර වීම සදහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරමින්, රට පුරා බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු අධීක්‍ෂණය කිරිම සහ මඟ පෙන්වීම පිණිස බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ විධි නියෝග 2027 වසර දක්වා දීර්ඝ කිරිම 2024 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කරන ලදි.
බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථාන කාර්යාලය බත්තරමුල්ල සෙත්සිරිපායේ අදියර 1 හි 5 වන මහලේ පිහිටා තිබේ. බිම්බෝම්බ පිළිබද කළාපීය ක්‍රියාකාරි කාර්යාලය කිලිනොච්චියේ පිහිටා ඇති අතර, සම්බන්ධීකරණය, කාර්යය පැවරුම, තත්ත්ව කළමනාකරණය සිදුකිරිම සහ තොරතුරු කළමනාකරණය සදහා එය වගකිය යුතුය. රජයේ දිස්ත්‍රික් අධිකාරිවල ප්‍රධානත්වය දරන රජයේ දිසාපතිවරුන් විසින් සභාපතිත්වය දරන දිස්ත්‍රික් බිම්බෝම්බ මෙහෙයුම් කමිටු සමඟ බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථාන සහ බිම්බෝම්බ පිළිබද කළාපීය ක්‍රියාකාරි කාර්යාලය සමීපව කටයුතු කරයි.
වෙඩිද්‍රව්‍ය හදුනාගැනීම හා ඉවත් කිරිම පිණිස සහ බිම්බෝම්බ පිළිබද අන්තර් ජාතික  ප්‍රමිතීන්වලට අනුකූලව වෙඩිද්‍රව්‍ය අවදානම පිළිබඳ අධ්‍යපනය ලබාදීම  පිණිස බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය මැග් (Mines Advisory Group) සහ හලෝ ට්‍රස්ට් (HALO Trust) යන ජාත්‍යන්තර පාර්ශවකරුවන් දෙදෙනා  සහ ඩෑෂ් (DASH), ෂාප් (SHARP) සහ ශ්‍රීලංකා යුධ හමුදා මානුෂ්‍යවාදි බිම්බෝම්බ ඉවත් කිරිමේ ඒකකය (SLAHDU) යන දේශීය පාර්ශවකරුවන්ද සමඟින් සහයෝගීතාවයෙන් කටයුතු කරයි. මෙම කාර්යය ඉටු කිරිමට අවශ්‍ය අරමුදල් ලබා දෙනුයේ ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රේලියාව,  කැනඩාව,  ජර්මනිය, ජපානය, නොර්වේ, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය පදනම් කොටගත් බිම්බෝම්බ වලින් තොර ලොවක් පදනම ඇතුළුව අන්තර් ජාතික ආධාර ප්‍රධායකයන්ය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකරණ සහ කළමනාකරණ සහය ඇතිව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන පළමුව ස්ථාපිත කරනු ලැබුයේ 2002 වසරේදී ය. බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම 2010 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කරනු ලැබු අතර, එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කළමණාකාරීත්වයේ සිට පූර්ණ ජාතික හිමිකාරීත්වයක් කරා මාරු වීමයි. එතැන් සිට, බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය විවිධ අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවැති අතර වර්ථමානයෙහි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය යටතේ ස්ථාපිත කර ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරයා බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ  අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරයි.
බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථාන කාර්යාලය බත්තරමුල්ල සෙත්සිරිපායේ අදියර 1 හි 5 වන මහලේ පිහිටා තිබේ. බිම්බෝම්බ පිළිබද කළාපීය ක්‍රියාකාරි කාර්යාලය කිලිනොච්චියේ පිහිටා ඇති අතර, සම්බන්ධීකරණය, කාර්යය පැවරුම, තත්ත්ව කළමනාකරණය සිදුකිරිම සහ තොරතුරු කළමනාකරණය සදහා එය වගකිය යුතුය. රජයේ දිස්ත්‍රික් අධිකාරිවල ප්‍රධානත්වය දරන රජයේ දිසාපතිවරුන් විසින් සභාපතිත්වය දරන දිස්ත්‍රික් බිම්බෝම්බ මෙහෙයුම් කමිටු සමඟ බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථාන සහ බිම්බෝම්බ පිළිබද කළාපීය ක්‍රියාකාරි කාර්යාලය සමීපව කටයුතු කරයි.

එසේම බිම්බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයට තවත් විශේෂඥයන් දෙදෙනෙකුගේ සහය ද හිමි වේ.

2023-2027 ජාතික බිම්බෝම්බ ඉවත් කිරිම අවසන් කිරිමේ උපාය මාර්ග ක්‍රමෝපායික අරමුණු 4 “කාර්ය මණ්ඩල සංක්‍රාන්ති” ක්‍රියාත්මක කිරිමට සහාය වනු පිණිස මැග් ආයතනයෙහි උපදේශකයෙකු බිම්බෝමබ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයට අනියුක්ත කර ඇත.

ජාතික උපාය මාර්ග ක්‍රමෝපායීක අරමුණ 1 “ඉඩම් නිදහස් කිරීම සහ වෙඩිද්‍රව්‍ය පිළිබඳ අවධානම් අධ්‍යාපනය” සහ බිම්බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබද ජාතික තොරතුරු කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරිම පිණිස මානුෂ්‍යවාදි බිම්බෝම්බ ඉවත් කිරිම සඳහා වු ජිනිවාහි පිහිටි අන්තර්ජාතික මානුෂ්‍යවාදි බිම්බෝම්බ පිළිබඳ මධ්‍යස්ථානයේ (GICHD) තොරතුරු කළමනාකරණ විශේෂඥයෙකු කටයුතු කරයි.

Skip to content