NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

බිම්බෝම්බ ඉවත් කිරීමේ පාර්ශවකරුවන්

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා අරමුදල් සපයන්නේ:

මයින් ඇඩ්වසරි ගෘප් යනු ගැටුම් පැවැති ස්ථානවලින් බිම්බෝම්බ, පොකුරු බෝම්බ සහ පුපුරා නොගිය බෝම්බ සොයා ඒවා ඉවත් කරන සහ විනාශ කරන එක්සත් රාජධානිය පදනම් කරගත් මානුෂීය සහ උපදේශන සංවිධානයකි. බිම්බෝම්බ තහනම් කිරීම සඳහා කරන ලද මෙහෙවර වෙනුවෙන් 1997 වසරේදී MAG සංවිධානය වෙත නොබෙල් සාම ත්‍යාගය හිමි විය. එය ලොව පුරා රටවල් 26 ක ක්‍රියාත්මක වේ. ඔවුන් 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කරයි. මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. ඔවුන්ගේ විශේෂඥ තාක්ෂණික කණ්ඩායම් සහ ප්‍රජා සම්බන්ධතා කණ්ඩායම් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව සමඟ සමීප සහයෝගීතාවයෙන් බිම්බෝම්බ වළ දමා ඇති ඉඩම් හඳුනා ගැනීමට සහ ක්‍රමානුකූල තාක්ෂණික සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කරයි. MAG සංවිධානයේ මෙරට කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර මධ්‍යම මෙහෙයුම් කාර්යාලය වවුනියාවේ පිහිටා තිබේ. එය වත්මනෙහි 1000 කට ආසන්න පිරිසක් සේවයේ යොදවා ඇති අතර ඉන් වැඩිම කණ්ඩායම සංයුක්ත වනුයේ බිම්බෝම්බ ඉවත් කරන්නන්ගෙන් වන අතර ඔවුන් මුළු ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් නියෝජනය කරයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ මුළු ශ්‍රම බලකායෙන් 22% ක් කාන්තාවන් ය. 2023-2027 බිම්බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීමේ ජාතික උපාය මාර්ගයේ 4 වන උපාය මාර්ගික අරමුණ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලය තව දුරටත් අවශ්‍ය නොවන විට විකල්ප ආර්ථික ක්‍රියාකාරකම් කරා මාරු වීමට ඔවුනට සහාය වීම ඉලක්ක කර ගනිමින් 2020-2021 තුළ MAG සංවිධානය විසින් සකස් කරන ලද කාර්ය මණ්ඩල සංක්‍රාන්තිය මත පදනම්ව ඇත. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න:

හේලෝ භාරය 1988 දී පිහිටවනු ලැබූ එක්සත් රාජධානිය පදනම් කර ගත් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයකි. මිනුම් කටයුතු, ඉවත් කිරීමේ කටයුතු සහ බිම්බෝම්බ අවදානම් අධ්‍යාපනය ලබා දීම පිණිස දේශීය කාර්ය මණ්ඩල යොදා ගනිමින් එය ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 24 ක මෙහෙයුම් කටයුතු සිදු කරයි.

මෙම සංවිධානය 2002 වසරේ ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු ආරම්භ කළ අතර දැනට උතුරු පළාතේ බිම්බෝම්බ වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් බඳවාගත් 1,100 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇත. එම කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු නායකත්ව තනතුරු දරයි. 2002 සිට 2008 දක්වා කාල සීමාවේ දී එහි ප්‍රයත්න මූලිකවම යාපනය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ අතර, 2009 වසරේදී යුද්ධය අවසන් වීමත් සමගින් හේලෝ භාරය සිය ක්‍රියාකාරකම් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කරන ලදී. මෙම ව්‍යාප්ත කිරීම අභ්‍යන්තරිකව අවතැන්වූවන්ගේ ආපසු පැමිණීම සඳහා සහාය වීම අරමුණ කර ගන්නා ලදී. භාරයේ මධ්‍යම මෙහෙයුම් කඳවුර කිලිනොච්චියේ පිහිටා ඇත.

වැඩි විස්තර සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න:

සමාජ සංහිඳියාව සඳහා වන ඩෙල්වොන් ආයතනය බිම්බෝම්බ ඉවත් කිරීමේ ලාභාර්ථි නොවන ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර එහි ශ්‍රම බලකාය මුළුමනින්ම මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරිමේ ක්ෂේත්‍රයෙහි විශේෂඥතාව සහ පළපුරුද්ද සහිත ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වේ. ඩෙන්මාර්ක බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමේ (DDG) උපකාරය ඇතිව 2010 ජනවාරි මාසයේදී ඩෙල්වොන් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. වත්මනෙහි, එය බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා කාන්තාවන් 23% ක් ඇතුළුව 400 කට අධික  කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති අතර ඉන් සමහර කාන්තාවන් නායකත්ව භූමිකා ඉටු කරයි. සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. ආයතනයේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර එහි ක්ෂේත්‍ර කාර්යාලය කිලිනොච්චියේ පිහිටා ඇත. ඊට අමතරව එය පරන්තන් (කිලිනොච්චි), මාන්කුලම් සහ වැලිඔය (මුලතිව්) හි පිහිටි කඳවුරු තුනක් ක්‍රියාත්මක කරයි.

ස්කැවිතා මානුෂීය සහාය සහ සහන ව්‍යාපෘතිය බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවේ දෙවන රාජ්‍ය නොවන සංවිධානය වන අතර එය ජපාන රජයේ සහාය ඇතිව 2016 වසරේදී මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. එහි බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් මුලින්ම කිලිනොච්චි දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගන්නා ලද අතර පසුව මුලතිව් දිස්ත්‍රික්කය ඇතුලත් වන සේ මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කරන ලදී. ආයතනය මේ වන විට 200 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති අතර ඒ අතරින් 18% ක් කාන්තාවන් වේ. එහි නියෝජිත කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර මධ්‍යම මෙහෙයුම් කඳවුර පලෙයි හි පිහිටා ඇත.  

ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA HDU) 2002 වසරේ යාපනය අර්ධද්වීපයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන ලද අතර, RONCO උපදේශන සහයෝගීතාවේ සහාය ඇතිව 2007 වසර දක්වා එය සිදු කරන ලදී. එතැන් සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරුවන් විසින් බිම්බෝම්බ ඉවත් කිරීමේ සියලුම මෙහෙයුම් අධීක්ෂණය කරන ලදී. දැනට, SLA HDU යනු බිම්බෝම්බ ඉවත් කිරීමට සම්බන්ධ රජය සතු එකම නියෝජිතායතනය වන අතර උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සමඟ වවුනියාව මූලස්ථානය කරගත් ස්ථාපිත ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වේ. බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා බිම් බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් (MDD) භාවිතය ඵලදායී බව ඔප්පු වී ඇති අතර, අතින් සහ යාන්ත්‍රික බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රම සමඟ භාවිතා කරන විට, වළලනු ලැබූ බිම්බෝම්බ විශ්වාසදායක ලෙස හඳුනා ගැනීම ඔවුන් විසින් සිදු කෙරේ. බිම්බෝම්බ වළලා ඇති ප්‍රදේශය අඩු කිරීම, තත්ත්ව සහතික කිරීම සහ නිශ්චිත නිෂ්කාශන මෙහෙයුම් සඳහා බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය බිම්බෝම්බ, පොකුරු බෝම්බ සහ වෙඩි උණ්ඩ තොග කෙරෙහි අවධානය යොමු කරමින් පිපිරුම් යුද්ධෝපකරණ වලින් ප්‍රජාවන්ට ඇතිවන අවදානම් අඩු කිරීම සඳහා කටයුතු කරයි. පාර්ශවකරුවන්, ජාතික සහ ප්‍රාදේශීය බලධාරීන්, ආධාර ලබා දෙන්නන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනෙකුත් ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ සමාගම් සහ විද්වතුන්ගේ ප්‍රතිලාභය සඳහා මෙම අංශය සංවර්ධනය කිරීමට සහ වෘත්තීයභාවයට පැමිණවීමට මධ්‍යස්ථානය සහාය වෙයි.

2023-2027 කාල සීමාව සඳහා ශ්‍රී ලංකාව තුළ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීමේ උපාය මාර්ගය සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සමාලෝචනය සඳහා බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයට අඛණ්ඩව සහාය ලබා දීමට ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය කැපවී සිටියි.

වැඩි විස්තර සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න

Skip to content