NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

බිම්බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීමේ ශ්‍රී ලංකා ජාතික උපායමාර්ගය 2023 - 2027

කරුණාකර සම්පූර්ණ ලේඛනය බාගත කරගන්න.

 

මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරිම සදහා ජිනිවා පිහිටි අන්තර්ජාතික මානුෂවාදි බිම්බෝම්බ පිළිබද මධ්‍යස්ථානයේ සහයෝගයෙන් බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද බිම්බෝම්බ ඉවත් කිරිම සම්පූර්ණ කිරිමේ ශ්‍රී ලංකා ජාතික උපායමාර්ගය, 2023 සිට 2027 දක්වා වන බිම්බෝම්බ ඉවත් කිරිමේ ජාතික ක්‍රියාකාරි වැඩසටහනේ උපයමාර්ගික දිශානතිය ඉදිරිපත් කරයි.

තිරසර සංවර්ධන ඉලක්ක වලට අනුකූලව පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ සම්මුතිය, පොකුරු බෝම්බ තහනම් කිරිමේ සම්මුතිය, ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ ඇතැම් සාම්ප්‍රදායික අවි පිළිබඳ සම්මුතිය යන සම්මුති යටතේ ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික සම්මුතීන් ක්‍රියාවට නැංවීම එහි කැපවීම එය වඩාත් ශක්තිමත් කරයි.

උපාය මාර්ගික අරමුණු

අවදානම් සහ අවම කිරීමේ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාවේ දේශපාලන සහ මුල්‍ය අර්බුධය

පාරදෘශ්‍යභාවය සහ අඛණ්ඩ සන්නිවේදනය සහතික කරමින් අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් අඩුකිරිම් පිළිබඳව ජාත්‍යන්තර ආධාර ප්‍රදායකයන්ට දැනුම් දීම

අඩුවු ජාත්‍යන්තර ආධාර ප්‍රදායක මුදල්

බිම්බෝම්බ ඉවත් කිරිමේ ජාතික උපාය මාර්ගය - උපාය මාර්ගික ප්‍රමුඛතා පිළිබද පැහැදිළි බව
පැහැදිළි ඉලක්ක ඉදිරිපත් කරන සම්පත් ඒකරාශී කිරිමේ උපාය මාර්ගය

NMAC, RMAO, සහ SLA HDU සදහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම

තම වගකිම ඉටුකිරිම පිණිස NMAC, RMAO, සහ SLA HDU සතුව අවශ්‍ය සියළු සම්පත් ඇති බව සහතික කිරිම පිණිස භාණ්ඩාගාරය වෙත කරුණු දක්වන්න
බිම්බෝම්බ ඉවත් කිරිමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම - උපාය මාර්ගික ප්‍රමුඛතා පිළිබද පැහැදිළි බව

සීමිත සම්බන්ධීකරණය සහ සන්නිවේදනය

බිම්බෝම්බ ඉවත් කිරිම පිළිබඳව ශ්‍රී ලංකාවේ නව ජාතික ක්‍රියාකාරි සැලැස්ම
ශක්තිමත් කරන ලද සම්බන්ධීකරණය සහ සන්නිවේදනය සඳහා කැපවීම

වසංගතය

පවතින තත්වයට හැඩ ගැසී පසුගිය වසර දෙකෙන් උගත් පාඩම් සහ යහපත් පරිචයන්ගෙන් නිසි ඵල ලබාගන්න
ආංශ්‍රීක වසංගත මාර්ගෝපදේශ

සීමිත රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා

වෙනස් වන තත්වයන්ට සහ ඔවුන්ට ගැලපෙන ලෙස කාර්ය මණ්ඩල සංක්‍රාන්තිය සඳහා මැදිහත්වීම සකස් කර ගනිමින් විධිමත් පදනමකින් ශ්‍රම වෙළදපොළ සහ ආර්ථික අපේක්ෂාවන් අධීක්‍ෂණය කිරිම, අභියෝග සහ බාහිර බාධා පිළිබද ජාත්‍යන්තර ආධාර ප්‍රදායකයන් දැනුවත් කිරිම

බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය (NMAC) සහ ශ්‍රි ලංකා යුධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරිමේ ඒකකය (SLA HDU) ශ්‍රී ලංකා රජයෙන් සහ ජාත්‍යන්තර ආධාර ප්‍රදායකයන් කිහිප දෙනෙකුගෙන් අරමුදල් ලබා සපයා ගනිමින් ශේෂ වු පුපුරා නොගිය යුධෝපකරණ හදුනාගැනීම හා ඉවත් කිරිම සහ බිම්බෝම්බ පිළිබද අන්තර්ජාතික  ක්‍රියාකාරි ප්‍රමිතිවලට අනුකූලව වෙඩිද්‍රව්‍ය පිළිබඳ අවදානම් අධ්‍යාපනය ලබාදීම පිණිස දේශීය පාර්ශවකරුවන් වන ඩැෂ් (DASH) ආයතනය, ෂාර්ප් (SHARP) ආයතනය, හලෝ ට්‍රස්ට් (HALO Trust)  ආයතනය සහ මැග් (MAG) ආයතනය සමඟ සමීපව කටයුතු කරයි.

පුද්ගලනාශක බිම්බෝම්බ  තහනම් කිරිමේ සම්මුතියට 2017 වසරේදී ශ්‍රී ලංකාව එකඟ වීම සහ 5 වන වගන්තියේ බැදීම්වලට අනුකූලව, 2028 ජුනි 01 වැනි දින වන විට බිම්බෝම්බ වැළලු සියළු ප්‍රදේශ හදුනාගැනිමට සහ එම බිම්බෝම්බ ඉවත්කිරිමට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී ඇත.

බිම්බෝම්බ ඉවත් කිරිමේ ශ්‍රී ලංකා ජාතික ව්‍යුහයන්ට ඒවායේ විධි නියෝගය සාර්ථකව ක්‍රියාවට නැංවීම හැකිවනු පිණිස ඒවාට ප්‍රමාණවත්ව උපකරණ සහ සම්පත් සපයා ඇති බව සහතික කිරිම මගින්  ඇතුළුව සිය බිම්බෝම්බ ඉවත්කිරිමේ වැඩසටහන පිළිබද ශක්තිමත් ජාතික හිමිකාරීත්වයක් ආදර්ශනය කිරිම ශ්‍රී ලංකාව අඛණ්ඩව සිදුකරනු ඇත.

ශ්‍රි ලංකා රජයේ නියෝජිතයන්, ජාත්‍යන්තර ආධාර ප්‍රදායකයන් මෙහෙයුම් කරුවන්  සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග විධිමත් සහ ව්‍යුහගත සම්බන්ධිකරණ සහ පාරදෘශ්‍ය තොරතුරු බෙදාහදා ගැනීම සහතික කිරිම පිණිස බිම්බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය කැපව සිටින අතර, පාර්ශවකරුවන් සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව ද්විවාර්ෂික සම්බන්ධිකරණ රැස්වීම්  සංවිධානය කරනු ඇත.

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරිමේ සම්මුතිය, පොකුරු බෝම්බ පිළිබද සම්මුතිය සහ අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යන සම්මුතිවල වල රාජ්‍ය පාර්ශවකරුවෙකු ලෙස, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන තොරතුරු කළමණාකරණ, සම්බන්ධිකරණ සහ දැනුවත්භාවය ඇති කිරිම ආශ්‍රීත උපාය මාර්ගික වින්දිත සහය අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරිමට බැදී සිටියි.

ශ්‍රි ලංකා රජය සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් ඉලක්ක කරමින් සම්පත් ඒකරාශි කිරිම දිගටම සිදුවන ප්‍රයත්නයක් වනු ඇත. ශ්‍රි ලංකා බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහනට ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන අරමුදල් ඉහළ නංවා ගැනිමටත් එහි ජාත්‍යන්තර ආධාර ප්‍රදායක පදනම පුළුල් කර ගැනීමටත් අරමුදල් ලබාගැනිමේ අනෙකුත් මුලාශ්‍ර පිළිබඳව සොයා බැලීමටත් උත්සාහ දරනු ඇත.

හදුනාගත් ශේෂ වු පුපුරා නොගිය යුධෝපකරණ මගින් සිදුවන අවධානම සමීක්‍ෂණය කිරිමේ සහ ඉවත් කිරිමේ දක්වා වාර්තා වු අවධානම් ප්‍ර දේශනිසැක කිරිමේ ක්‍රියාවලිය 2027 වසර අවසානය වන විට අවසන් වනු ඇත.

අධියරගත ක්‍රියාවලියක් මගින්, ශ්‍රි ලංකා යුද හමුදා මානුෂ්‍යවාදි බිම්බෝමබ ඉවත් කිරිමේ ඒකකයට සිය වගකීම් ඉටු කිරිමට හැකිවනු පිණිස උචිත පරිදි උපකරණ සපයා ඇති බව, කාර්ය මණ්ඩලය යොදවා ඇති බව සහ ප්‍රමාණවත් පරිදි සම්පත් සපයා ඇති බව ශ්‍රි ලංකා රජය සහතික කරනු  ඇත.

ශේෂ සංදර්භයක් කරා යොමුවන මෙම සංක්‍රමණ ක්‍රියාවලියේ කොටසක් ලෙස බිම්බෝම්බ ඉවත් කිරිමේ තොරතුරු (කලින් සමීක්ෂණය කොට බිම්බෝම්බ ඉවත් කල ප්‍රදේශ, පුපුරා නොගිය යුධෝපකරණ වලින් අනතුරු සිදුවු ස්ථාන ආදි) වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහ ඉදිරියේදි ශේෂ වු පුපුරා නොගිය යුධෝපකරණ පිළිබඳ දත්ත රැස් කොට ගබඩා කල හැකි බව සහතික කිරිමද වැදගත් වනු ඇත.

පුපුරා නොගිය යුධෝපකරණ ඉවත් කිරිම සදහා වන ඉල්ලීම් වලදී ශ්‍රීලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. ආරක්‍ෂිත චර්යාවන් ප්‍රවර්ධනය කිරිම සහ පුපුරා නොගිය යුධෝපකරණ මගින් සිදුවිය හැකි අනාගත අනතුරු අවම කිරිම පිණිස වෙඩිද්‍රව්‍ය පිළිබඳ අවදානම් අධ්‍යාපනය ලබාදීම අඛණ්ඩව සිදුකරන බවටද ශ්‍රී ලංකාව වග බලා ගනු ඇත.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන සදහා 3000 කට අධික කාන්තා  සහ පිරිමි බිම්බෝම්බ ඉවත් කිරිමේ කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇත. 2027 වන විට මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වේ යැයි අපේක්ෂා කරන බැවින්, යෝග්‍ය සහ තිරසාර කාර්ය මණ්ඩල  සංක්‍රාන්ති ක්‍රියාදාමයක් පවතින බව සහතික කිරිමේ වැදගත්කම ඉහළ යමින් පවති. මෙම පසුබිම සැලකිල්ලට ගනිමින් මැග් (MAG) බිම්බෝම්බ ඉවත් කිරිමේ කාර්ය මණ්ඩලය තවදුරටත් අවශ්‍ය නොවන විටදි සහ බිම්බෝම්බ ඉවත් කිරිමේ කාර්ය මන්ඩලයේ සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවේ නව ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරි උපාය මාර්ගය වෙත අන්තර්ග්‍රහනය කිරිම සදහා සහය වීමට විකල්ප ආර්ථික ක්‍රියාකාරකම් කරා මාරුවීමට ඔවුනට සහයවීම පිණිස කුසලතා අත්කර ගැනීමේ සහ පශ්චාත් බිම්බෝම්බ ඉවත් කිරමේ ජිවනෝපාය සංක්‍රාන්ති උපාය මාර්ගයක් සකස් කිරිම පිණිස මැග් කණ්ඩායම  මුලපිරිමක් සිදුකරන ලදි. DASH, SHARP, HALO Trust සහ GICHD හි නියෝජිතයින් උපදේශණ කමිටුවේ සාමාජිකයන් වු අතර සංක්‍රාන්ති උපාය මාර්ගය සකස් කිරිමේ ක්‍රියාවලියට බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය සක්‍රීයව සහභාගී විය.

මෙම උපාය මාර්ගික අරමුණු බිම්බෝම්බ උපදේශණ කමිටුව විසින් දැනටමත් සකස්කර ඇති කාර්ය මණ්ඩල සංක්‍රාන්ති උපාය මාර්ගයෙන් සහ එය ඉදිරිපත් කරන අධියර ගත ක්‍රියාදාමයෙන් බෝහෝ දෑ ලබාගෙන ඇත. කාර්ය මණ්ඩල සංක්‍රාන්ති ක්‍රියාදාමය ප්‍රධාන අදියර තුනක් වටා ව්‍යුහගත කර ඇත.

කාර්ය මණ්ඩලය විකල්ප ඉහළ ඉල්ලුමක් ඇති රැකියා කරා සාර්ථකව මාරුවන තෙක් ඔවුන්ගේ අභිපේරනය සහ අත්‍යවශ්‍ය කුසලතා අභිවර්ධනය පිණිස මැදිහත්වීම් සිදුකිරිම.

කාර්ය මණ්ඩලය ඉවත් කිරිම ඉහළ නැංවීමේ අධියරයට පෙර අධීක්‍ෂණය කිරිම සහ ගැලපුම් කිරිම පිණිස තවදුරටත් අවශ්‍ය නොවන කාර්ය මණ්ඩලයේ සීමිත සංඛ්‍යාවක් සමග ස්වේච්ඡා අතිරික්තතා වැඩසටහනක් නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාවට නංවන්න.

නියමු වැඩසටහනේ උගත් පාඩම් අන්තර්ගත කරමින් වාර්ෂික ඉලක්කයක් මත පාදකව කාර්ය මණ්ඩල අතිරික්තතා වැඩසටහන ප්‍රමාණාත්මකව වැඩි කරන්න.

විකල්ප, තිරසාර ආර්ථික වැඩපිළිවෙලක් කරා බිම්බෝම්බ ඉවත් කරන්නන් සුමටව රැගෙන යාම බිම්බෝම්බ පිළිබද ජාතික ක්‍රියාකාරි මධ්‍යස්ථානය පෙරටුව තබා ගනිමින් ශ්‍රීලංකා රජය ප්‍රවර්ධනය කරණු ඇත.
Skip to content