NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (APMBC)​

පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතා කිරිම, තොග රැස්කිරිම, නිපදවීම සහ පැවරීම තහනම් කිරිම සහ ඒවා විනාශ කිරිම පිළිබද සම්මුතිය (පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරිමේ සම්මුතිය, ඔටාවා සම්මුතිය හෝ බිමිබෝම්බ තහනම් කිරිමේ ප්‍රඥප්තිය ලෙස ද හදුන්වනු ලබන) පුද්ගල නාශක බිම්බෝම්බ ආශ්‍රීත මානුෂීය ගැටළු ආමන්ත්‍රණය කිරිම අරමුණු කරගත් ජ්‍යාන්තර ප්‍රඥප්තියකි. මෙම ප්‍රඥාප්තිය 1997 සැප්තැම්බර් 18 වන දින කැනඩාවේ ඔටාවා හිදි සම්මත කරගත් අතර එය 1999 මාර්තු 01 වනදා සිට බලාත්මක විය.
එම සම්මුතිය, පුද්ගල නාශක බිම්බෝම්බ විශේෂයෙන්ම ගැටුම් වලින් බලපෑමට ලක්වු ප්‍රදේශ වල සිවිල් වැසියන් කෙරෙහි ඇති කරන්නා වු විනාශකාරි බලපෑමට පිලියම් යෙදිමේ ගෝලීය ප්‍රයත්නයට අදාල වැදගත් නීතිමය ලියවිල්ලකි. බිම්බෝම්බ ආශ්‍රීත වින්දිතයන් අවම කිරිමට සහ බිම්බෝම්බ ඉවත් කිරිමේ ප්‍රයත්න ප්‍රවර්ධනයට දායක වෙමින් මේ දක්වා රාජ්‍යයන් 164 ක් සම්මුතියෙන් බැදී සිටිමට නිළ වශයෙන් එකඟවී තිබේ.
එම සම්මුතිය, පුද්ගල නාශක බිම්බෝම්බ විශේෂයෙන්ම ගැටුම් වලින් බලපෑමට ලක්වු ප්‍රදේශ වල සිවිල් වැසියන් කෙරෙහි ඇති කරන්නා වු විනාශකාරි බලපෑමට පිලියම් යෙදිමේ ගෝලීය ප්‍රයත්නයට අදාල වැදගත් නීතිමය ලියවිල්ලකි. බිම්බෝම්බ ආශ්‍රීත වින්දිතයන් අවම කිරිමට සහ බිම්බෝම්බ ඉවත් කිරිමේ ප්‍රයත්න ප්‍රවර්ධනයට දායක වෙමින් මේ දක්වා රාජ්‍යයන් 164 ක් සම්මුතියෙන් බැදී සිටිමට නිළ වශයෙන් එකඟවී තිබේ.

2017 දෙසැම්බර් 13 වන දා ශ්‍රී ලංකාව මෙම ප්‍රඥාප්තියට පිළිගත් අතර ඒ අනුව එය 2018 ජුනි 01 වැනි දින සිට ශ්‍රීලංකාව තුල බලාත්මක විය.

ප්‍රඥාප්ති ක්‍රියාදාමය සහ එහි බැදීම සම්බන්ධයෙන් තොරතුරු වෙනුවෙන් විශේෂයෙන්ම වෙන් වු වෙබ් පිටුවක් එක් එක් රාජ්‍යයන් පවත්වා ගනියි.

සම්මුතිය යටතේ බැඳීම

රැස්කර ගත් සියළු පුද්ගල නාශක බිම්බෝම්බ විනාශ කිරිමට බැදීමක් පැවතිය ද, බිම්බෝම්බ සොයාගැනීමේ, බිම්බෝම්බ ඉවත් කිරිමේ, බිම්බෝම්බ නිශ්ක්‍රීය කිරිමේ හෝ බිම්බෝම්බ විනාශ කිරිමේ ශිල්පිය ක්‍රම සකස් කිරිමේ කාර්ය සදහා සම්පූර්ණයෙන්ම අවශ්‍ය වන අවම පුද්ගල නාශක බිම්බෝම්බ සංඛ්‍යාවක් රදවා තබාගැනීමට සම්මුතිය මඟින් අවසර අවසර ලබාදි ඇත.

ප්‍රථම පාරදෘශ්‍යතා වාර්තාවේ, මෙම කාර්යයන් සදහා  පුද්ගල නාශක බිම්බෝම්බ 21,153 රදවා තබාගත් බව ශ්‍රීලංකාව වාර්තාකර තිබේ.

සිය පළමු පාරදෘශ්‍යතා වාර්තාවේ, පුද්ගල නාශක බිම්බෝම්බ ස්ථානගත කර ඇති බවට  දන්වා හෝ සැකකරන ලබන තම අධිකරණ බලය හෝ පාලනය යටතේ පවතින ප්‍රදේශ ශ්‍රී ලංකාව වාර්තා කරන ලදි.

සම්මුතියේ 5 වන වගන්තිය ප්‍රකාරව, හැකිතාක් ඉක්මණින්  නමුත් 2028 ජුනි 01 නොඉක්මවන දිනයක මෙම ප්‍රදේශ වල ඇති සියළු පුද්ගල නාශක බිමිබෝම්බ විනාශ කිරිමට හෝ විනාශ කිරිම සහතික කිරිමට ශ්‍රීලංකාව ප්‍රතිඥා දෙන ලදි.

වාර්ෂිකව සහ සෑම වසරකම අප්‍රේල් 30 ඉක්මවීමට පෙර, එක් එක් රාජ්‍ය පාර්ශවය පෙර ලිත් වසර ආවරණය කරමින් තොරතුරු යාවත්කාලීන කළ යුතුය. 7 වන වගන්තිය යටතේ යටතේ ඉදිරිපත් කර ඇති නවතම වාර්තා පහත දැක්වෙන නිල වෙබ් පිටුවෙන් ලබාගත හැක.
2018 නොවැම්බර් 28 දින ඉදිරිපත් කරනු ලැබු සිය පළමු පාරදෘශ්‍යතා වාර්තාවේ, තම හිමිකාරිත්වය හෝ සන්තකය යටතේ පවතින පුද්ගල නාශක බෝම්බ තොග පිළිබද ශ්‍රීලංකාව වාර්තා කළේය. සම්මුතිය යටතේ තම බැදීම සපුරා ඇති බව 2021 සැප්තැම්බර් 30 වන දින ශ්‍රී ලංකාව වාර්තා කරන ලදි. මුළු එකතුව වු බ්ම්බෝම්බ 12,000 ක් විනාශ කල බව ශ්‍රී ලංකාව වාර්තා කරන ලදි.

ශ්‍රී ලංකාව පුද්ගල නාශක බෝම්බ වලට හසුව දිවි ගලවා ගත්තවුන් සැලකිය යුතු පිරිසක් දහස් ගණනක් සිටින බව ප්‍රකාශ කර ඇති  රාජ්‍ය පාර්ශවකරුවන්  අතුරින් එකකි.

එසේම ශ්‍රී ලංකාව ආබාධ  සහිත පුද්ගලයන් පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෙකු වේ.

මෙම සම්මුතිය යටතේ රාජ්‍ය පාර්ශවයකට තහනම් කර ඇති යම් ක්‍රියාකාරකමක් පුද්ගලයන් විසින් හෝ එහි අධිකරණ බලය හෝ පාලනය යටතේ පවතින භුමියක සිදුකරනු ලැබීම වැලැක්වීම මැඩපැවැත්වීම පිණිස, දණ්ඩණීය සම්බාධක ඇතුළුව, එක් එක් රාජ්‍ය පාර්ශවය උචිත නෛතික, පරිපාලනමය සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගත යුතුය.

ක්‍රියාත්මක කිරිමේ ජාතික ක්‍රියා මාර්ග ස්ථාපිත කර ඇති බවට හෝ දැනට පවතින නීති ප්‍රමාණවත් යැයි තමන් සලකන බවට ශ්‍රී ලංකාව වාර්තා කර තිබේ.

Skip to content