සිවිල් යුද්ධය අවසන් වී දශකයට වැඩි කාලයකින් පසුව, ශ්‍රී ලංකාව බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම්වල අවසන් අදියරට පැමිණ තිබේ. බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම්කරුවන් හතර දෙනාගේ (MAG, HALO, DASH, සහ SHARP) ඒකාබද්ධ ශ්‍රම බලකාය උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචිව සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 3,000 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර ඔවුන් අතුරින් තුනෙන් එකක් කාන්තාවන් වේ.
2027 වර්ෂය අවසන් වන විට බිම්බෝම්බ හා පුපුරා නොගිය අවිකොටස් වලින් දූෂ්‍යකරණයට ලක් වූ හඳුනාගත් සියලු ප්‍රදේශවලින් බිම් බෝම්බ ඉවත් කිරීම අපේක්ෂිත පරිදි සම්පූර්ණ කිරීමත් සමගින්, බිම්බෝම්බ කාර්යය සම්පූර්ණ කිරීමේ ජාතික උපායමාර්ගය 2023-2027 හි 4 වැනි උපායමාර්ගික අභිමතාර්ථයෙහි දක්වා ඇති පරිදි, බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලය සුමටව මුදා හැරීම සහතික කිරීම පිණිස අදාළ සැලසුම් පවතින බවට වග බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටී. එකී උපායමාර්ගික අභිමතාර්ථය මෙම අංශය තුළ කාර්ය මණ්ඩල සංක්රාන්තියේ නායකත්ව භූමිකාවක් බාර ගන්නා අන්තර් ජාතික බිම්බෝම්බ ඉවත් කිරිමේ ආයතනයක් වන මයින් ඇඩ්වසරි ගෘප් (MAG) ආයතනය විසින් සිය ශ්‍රම බලකාය සඳහා සකස් කර ඇති රාමුව පාදක කොට ඇත
බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසු බිම්බෝම්බ ඉවත් කරන්නන් විරැකියාව හා දරිද්‍රතාව පිළිබද දැඩි අවදානමකට පත් වන අතර ප්‍රමාණවත් උපකාරයක් නොසැපයුවහොත්, එම තත්ත්වය ප්‍රදේශයේ ස්ථාවරත්වය කෙරෙහි අනිසි බලපෑමක් ඇති කළ හැකිය. බිම්බෝම්බ ඉවත් කිරීම 2002 වසරේ සිට, රටේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ආර්ථික වර්ධනය පසුගාමී තත්ත්වයක තිබෙන උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වල විධිමත් හා මනා වැටුපක් සහිත රැකියා අවස්ථා උදා කර දී ඇත. අධ්‍යාපන හෝ විධිමත් කුසලතා සීමිත වුව ද, බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රම බලකාය දේශීය සාමාන්‍ය වැටුපට වඩා වැටුපක් උපයා ගන්නා අතර විශේෂයෙන්ම කාන්තා කාර්ය මණ්ඩලය සඳහා එය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ඔවුන් බැඳීමට පෙර ඔවුන් ලබාගත් වැටුපට වඩා සැලකිය යුතු ලෙස ඉහළය. බිම්බෝම්බ ඉවත් කිරීමේ දී ඔවුන් අත්කර ගෙන ඇති තාක්ෂණික කුසලතා, බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියෙන් පරිබාහිර වෙනත් කවර හෝ රැකියාවක් සඳහා පහසුවෙන් පැවරිය නොහැකි අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් සංස්ථාපනය කරන බිම්බෝම්බ ඉවත් කරන්නන් උග්‍ර ශ්‍රම හිඟයක් සහිත කර්මාන්තවලට ප්රතිලාභ ලබා ගත හැකි ඉහළ වටිනාකමක් සහිත සේවා නියුක්ති කුසලතා අත්කර ගෙන තිබේ.
සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව MAG ආයතනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යමණ්ඩලයට විකල්ප ආර්ථික ක්‍රියාකාරකම් වෙත සංක්‍රමණය වීමට සහාය වනු පිණිස සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාවේ නව ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ උපායමාර්ගය තුළට අන්තර්ගත කිරීම සඳහා සහාය වීම පිණිස කුසලතා අත්කර ගැනීමේ සහ පශ්චාත් බිම්බෝම්බ ඉවත් කිරීමේ ජීවනෝපාය සංක්‍රාන්ති උපායමාර්ගයක් සකස් කිරීම සඳහා 2020-2021 දී MAG ආයතනය මුල පුරන ලදී. DASH, SHARP, HALO සහ GICHD නියෝජිතයන් උපදේශන කමිටුවේ සාමාජිකයන් වූ අතර බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සංක්‍රාන්ති උපායමාර්ගය සකස් කිරීමේ ක්‍රියාවලියට පුළුල් ලෙස සම්බන්ධ වී සිටී.