NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

වින්දිත සහාය

බිම්බෝම්බ ක්‍රියාකාරී සංදර්භය තුළ වින්දිත සහාය යනුවෙන් සඳහන් කරනුයේ පිපිරුම් යුද්ධෝපකරණ වින්දිතයන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කරන ක්‍රියාකාරකම් මාලාවක් වන අතර ඊට හදිසි සහ කරමින් පවතින වෛද්‍ය සත්කාර, පුනරුත්ථාපනය, මනෝවිද්‍යාත්මක සහ මනෝ සමාජීය උපකාර සහ සමාජ ආර්ථික අන්තර්කරණයෙන් සමන්විය.  වින්දිත සහායට දත්ත රැස් කිරීම, නීති සහ ප්‍රතිපත්ති ද ඇතුලත් වේ. (IMAS 13.10)

පිපිරුම් යුද්ධෝපකරණ වින්දිතයන්ට තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයන්, ඔවුන්ගේ පවුල් සහ පිපිරුම් යුද්ධෝපකරණ වලින් බලපෑමට ලක්වූ ප්‍රජාවන් අයත් වේ.

වින්දිත සහාය න්‍යාය පත්‍රය ඉදිරිය කරා ගෙන යාමට, ප්‍රයත්න ද්විකරණය වැළැක්වීමට සහ පිපිරුම් යුද්ධෝපකරණ වින්දිතයන් පිළිබඳ නිවැරදි තොරතුරු සහතික කිරීමට අදාළ පාර්ශවකරුවන් සමග (රජය, එ.ජා. නියෝජිතායතන සහ සිවිල් සමාජය) කාර්තුමය සම්බන්ධීකරණ රැස්වීම් ජාතික සහ පළාත් මට්ටමින් සැලසුම් කිරීම. මෙම කරුණ සඳහා එක් එක් පාර්ශවකරු වින්දිත සහාය කේන්ද්‍රස්ථානයක් පත් කරනු ඇත.

හානි ආවේක්ෂණ පද්ධති ආකෘතිපත්‍ර වල පිපිරුම් යුද්ධෝපකරණ අනතුරු ආබාධිතභාවයේ හේතුවක් ලෙස ඇතුලත් කරනු ලබන බව සහතික කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හානි වැළැක්වීම සහ පාලන ඒකකය සමග සම්බන්ධීකරණ පවත්වා ගැනීම.

පිපිරුම් යුද්ධෝපකරණවල වින්දිතයන් මැනවින් හඳුනාගෙන සහාය ලබා දෙනු ලබන බව සහතික කිරීම පිණිස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රජා පාදක පුනරුත්ථාපන වැඩසටහන සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම.

ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ ඉදිරිපත් කිරිමට නියමිත ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ පනත් කෙටුම්පත වැනි වින්දිත සහාය අන්තර්ගත කළ යුතු ප්‍රතිපත්ති සහ සැලසුම් හඳුනා ගැනීම.

බිම්බෝම්බ ක්‍රියාකාරිත්වය සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියේ ඇති වින්දිතයන් සහ සිදුවීම් පිළිබඳ වත්මන් දත්ත සත්‍යාපනය කර සමස්ත බිමිබෝම්බ වින්දිතයන්ගෙන් 10% කගේ වත්මන් තත්ත්වය සහ අවශ්‍යතා තක්සේරු කිරීම පිණිස ඔවුන් පිළිබඳ මූලික සමීක්ෂණයක් පැවැත්වීම. එමගින් අරමුදල් ප්‍රමුඛතා හදුනාගැනීමට හැකි වනු ඇත.

වින්දිත සහාය ආශ්‍රිත ඉහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සහාය ලබා ගැනීම පිණිස 2024 මාර්තු මාසයේදී, ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය සමාජ සේවා රාජ්‍ය අමාත්‍යවරයා සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන ලදී. එමෙන්ම රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලින් අතිරේක සහයෝගය ලබා ගනු පිණිස සාකච්ඡා මේ වන විට සිදු කරමින් පවතී. පිපිරුම් යුද්ධෝපකරණ වින්දිකයන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස සහාය සහ සම්බන්ධීකරණයට පහසුකම් සැපයීමට ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය කැපවී සිටියි.

Skip to content