NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය

බිම් මැනුම් සහ බිම්බෝම්බ ඉවත් කිරීම

Created by Mas Dhimasfrom the Noun Project

2023 දී බිම්බෝම්බ ඉවත් කිරීම

ව.කි.මී. 5.33 (ව.මී. 5,331,285.55)

2023 දී නිදහස් කරන ලද භූමි ප්‍රමාණය

ව.කි.මී. 6.1 (ව.මී. 6,130,384.55)

Created by Luis Pradofrom the Noun Project

ඉතිරිව පවතින බිම්බෝම්බ සහිත භූමි ප්‍රමාණය

ව.කි.මී. 23.7 (2024 නොවැම්බර් වන විට)

නිදහස් කරන ලද භූමි ප්‍රමාණය සහ 5 වැනි වගන්තියට අනුකූල වීම

නිදහස් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 5.42 (ව.මී. 5,428,507)
බිම්බෝම්බ ඉවත් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 5.06 (ව.මී. 5,060,687 )
තාක්ෂණික නොවන සමීක්ෂණයක් හරහා අවලංගු කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 0.0056 (ව.මී.5,662)
තාක්ෂණික සමීක්ෂණය හරහා නිදහස් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 0.36 (ව.මී.362,158)
නිදහස් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 5.88 (ව.මී. 5,884,246.1)
බිම්බෝම්බ ඉවත් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 5.39 (ව.මී. 5,392,261.1 )
තාක්ෂණික නොවන සමීක්ෂණයක් හරහා අවලංගු කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 0.0056 (ව.මී. 5,639)
තාක්ෂණික සමීක්ෂණය හරහා නිදහස් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 0.48 (ව.මී. 486,346)
නිදහස් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 6.1 (ව.මී. 6,130,384.55)
බිම්බෝම්බ ඉවත් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 5.33 (ව.මී. 5,331,285.55)
තාක්ෂණික නොවන සමීක්ෂණයක් හරහා අවලංගු කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 0.021(ව.මී. 21,654.50)
තාක්ෂණික සමීක්ෂණය හරහා නිදහස් කරන ලද භූමි ප්‍රමාණය ව.කි.මී. 0.77 (ව.මී. 777,444.50 )
*සම්පූර්ණ කිරීමේ සමීක්ෂණ ක්‍රියාවලිය අතරතුර රැස්කරනු ලබන තොරතුරු පදනම්ව සපයා ඇති සංඛ්‍යා වෙනස්වීමට යටත් විය හැති බව කරුණාවෙන් සලකන්න.
2024 සැප්තැම්බර් වන විට දිස්ත්‍රික්ක අනුව බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය ප්‍රගතියේ සාරාංශය

සතිපතා යාවත්කාලීන කිරීම් සඳහා කරුණාකර IMSMA (සරල) උපකරණ පුවරුව වෙත යොමු වන්න.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ධාරිතාව

ජාත්‍යන්තර පාර්ශවකරුවන් දෙදෙනෙකි: 2002 වසරේ සිට මයින් ඇඩ්වසරි ගෘප් (MAG) සහ හේලෝ භාරය (HALO)

ජාතික පාර්ශවකරුවන් දෙදෙනෙකි: 2010 වසරේ සිට සමාජ සංහිඳියාව සඳහා වන ඩෙල්වොන් ආයතනය (DASH) සහ 2016 වසරේ සිට ස්කැවිතා මානුෂීය සහාය සහ සහන ව්‍යාපෘතිය (SHARP)

ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA HDU)

2002 වසරේ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දියත් කිරීමෙන් පසු, මෙහෙයුම්කරුවන් කිහිප දෙනෙකු බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සඳහා සක්‍රීයව සහය ලබා දී ඇති නමුත් පසුව ඔවුන් ක්‍රමයෙන් ඉවත් වී ඇත. ඩෙන්මාර්ක බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම (DDG), බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වන ස්විස් පදනම (FSD), නෝර්වීජියානු මහජන ආධාර (NPA), HORIZON, ගැටුම් වැළැක්වීම පිළිබඳ ජපන් මධ්‍යස්ථානය (JCCP), මිලින්ද මොරගොඩ මහජන සවිබල ගැන්වීම් ආයතනය (MMIPE), RONCO සහ SARVATRA ඒ අතරට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ දෙමළ ඊීලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) අතර දශක තුනකට ආසන්න කාලයක් පැවැති සන්නද්ධ ගැටුම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල බොහෝ ප්‍රදේශ පුළුල් පරාසයක් පිපිරුම් යුද්ධෝපකරණ වලින් දූෂ්‍යකරණයට ලක් විය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ එල්ටීටීඊය යන දෙපිරිසම බිම්බෝම්බ ඇතිරූ අතර අනෙකුත් පිපිරුම් යුද්ධෝපකරණ ද බහුලව භාවිතා කරන ලදී. ඉන්දියානු සාම සාධක හමුදාව ද ඔවුන් මෙහි රැඳී සිටි 1987 සිට 1990 දක්වා කාලය තුළ බිම්බෝම්බ භාවිතා කරන ලදී. 2002 වසරෙන් ආරම්භව, උතුරු සහ නැගෙනහිර පළාත්වල පිපිරුම් යුද්ධෝපකරණ අතුරා තිබූ ඇතැම් ප්‍රදේශවලින් ඒවා ඉවත් කිරීම සිදු කරන ලදී. කෙසේ වෙතත්, 2006 වසරේදී ගැටුම උත්සන්න වීම හේතුවෙන් එම ප්‍රදේශ නැවතත් පිපිරුම් යුද්ධෝපකරණ වලින් දූෂ්‍යකරණයට ලක් විය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී වැඩසටහන, එය ආරම්භ කරනු ලැබූ 2002 වසරේ සිට 2022 දක්වා බිම්බෝම්බ වළලා ඇති ප්‍රදේශ වර්ග කි.මී. 200 කට අධික ප්‍රමාණයකින් ඒවා ඉවත් කරනු ලැබූ අතර පුද්ගලනාශක බිම්බෝම්බ 843,000 කට වැඩි ප්‍රමාණයක්, ආසන්න වශයෙන් වාහන නාශක බිමිබෝම්බ 2,050 ක් සහ පුපුරා නොගිය අවි 360,700 කට වැඩි ප්‍රමාණයක් විනාශ කරමින් යුද්ධය පැවැති වර්ග කි.මී. 100 ක ප්‍රදේශයක් සුරක්ෂිත කරන ලදී. නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය ක්‍රියාකාරකම් සඳහා සුරක්ෂිත ඉඩම් නිදහස් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තරිකව අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීම උදෙසා බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදී. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අනුව, 2022 ජූලි වන විට අභ්‍යන්තරිකව අවතැන් වූ තැනැත්තන් 900,000කට අධික පිරිසක් නැවත පදිංචි කර ඇත.

පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියෙන් පනවා ඇති  මුල් සමාප්ති කාල සීමාව වන විට බිමිබෝම්බ මුළුමණින්ම ඉවත් කිරීම සපුරා ගැනීමට නියමිත මහා පරිමාණ දූෂ්‍යකරණය සහිත රාජ්‍ය පාර්ශවකරුන් අතුරින් ශ්‍රී ලංකාව එකකි.

2017 දෙසැම්බර් මාසයේදී පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට එකඟතාවය පළකිරීමත් සමගින්, එහි 5 වන වගන්තියේ බැඳීම්වලට අනුකූලව 2028 ජූනි 1 වනදා වන විට සියලු පුද්ගලනාශක බිම්බෝම්බ අතුරා ඇති ප්‍රදේශ හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි. එම කාර්යයන් අවසාන කිරීම සඳහා වූ කැපවීම ප්‍රදර්ශනය කරමින්, 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය බිම්බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීමේ ශ්‍රී ලංකා ජාතික උපාය මාර්ගය අනුමත කරන ලදී.

2022 වසරේදී මුහුණ දීමට සිදු වූ මූල්‍ය සහ දේශපාලන අර්බුද හේතුවෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියුතු රාජ්‍ය නොවන සංවිධාන හතරෙහි (MAG, HALO, DASH, සහ SHARP) මෙහෙයුම් කටයුතු සම්පූර්ණ දින 74 කට අත්හිටුවීමට සිදු වුව ද, පෙර වසරට වඩා ඉහළ යාමක් සනිටුහන් කරමින් බිම්බෝම්බ අතුරා තිබූ වර්ග කි.මී. 5.26 ක ප්‍රදේශයකින් බිම්බෝම්බ ඉවත් කළ බව බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය වාර්තා කරන ලදී. 2023 වසරේදී, බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය ඇතුළුව මානුෂීය බිම්බෝම්බ ක්‍රියාකාරිත්වයේ නිරත රාජ්‍ය නොවන සංවිධානවල සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, අභියෝග හමුවේ වුව ද, අඛණ්ඩ ප්‍රගතියක් පෙන්නුම් කරමින් බිම්බෝම්බ වළ දමා තිබූ වර්ග කි.මී. 5.33 ක ප්‍රදේශයකින් ඒවා මුළුමණින්ම ඉවත් කරනු ලැබීය.

2024 ජූලි මාසය වන විට*, ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය ඇස්තමේන්තු කරනුයේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 න් දිස්ත්‍රික්ක 11 ක අන්තරායකාරී ප්‍රදේශ වර්ග කි.මී. 24.1 ක් ඉතිරිව ඇති බවයි. වඩාත්ම දැඩි ලෙස පිපිරුම් යුද්ධෝපකරණ වලින් දූෂිත දිස්ත්‍රික්කය ලෙස මුලතිව් පවතින අතර ඉන් අනතුරුව මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක පවතී. මෙම ප්‍රදේශ මුදා හැරීමෙන් සුරක්ෂිත සංරක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශය සදහා හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

*සම්පූර්ණ කිරීමේ සමීක්ෂණ ක්‍රියාවලිය අතරතුර රැස්කරනු ලබන තොරතුරු පදනම්ව සපයා ඇති සංඛ්‍යා වෙනස්වීමට යටත් විය හැති බව කරුණාවෙන් සලකන්න.

බිම්බෝම්බ ක්‍රියාකාරී මෙහෙයුම්කරුවන් 2017 වසරේ මුල් භාගයේදී නැවත මැනීමේ කටයුතු සම්පූර්ණ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සුරක්ෂිත බිම් ප්‍රදේශ විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට ද ඉතිරිව පවතින බිම්බෝම්බ දූෂ්‍යකරණ ගැටලුව පිළිබඳ වඩා පැහැදිලිතාවක් ඇති කර ගැනීමට ද හැකි විය. කෙසේ වෙතත්, 2019 වසරේ සිට පවතින ප්‍රධාන අභියෝගයක් වන්නේ, නැවත පදිංචි වීමේදී සහ හුදකලා වූ කැලෑ ප්‍රදේශ ඇතුළුව මින් පෙර ජනාවාසව නොතිබූ සහ මිනිසුන් ගොස් නොමැති ප්‍රදේශ කරා යාමේදී ප්‍රජාවේ සාමාජිකයන් විසින් බිම්බෝම්බ සොයා ගැනීම මගින් අර්ධ වශයෙන් පැහැදිළි කළ හැකි, කළින් නොදැන සිටි බිම්බෝම්බ දූෂ්‍යකරණ ප්‍රදේශ අනපේක්ෂිතව හමුවීමයි. ඒ හා සම්බන්ධ තවත් කරුණක් වනුයේ බිම්බෝම්බ ක්‍රියාකාරීත්ව තොරතුරු කළමනාකරණ පද්ධතියේ වාර්තා කර තිබූ ප්‍රදේශ හා සැසඳීමේ දී ඇතැම් උපද්‍රවකාරී ප්‍රදේශ සැලකියයුතු ලෙස වඩා විශාල බව අනාවරණය වීම වන අතර එහි ප්‍රතිඵලය වූයේ මුලින් සැලසුම් කළ දෑ හා සැසඳීමේ දී, බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා සැලකිය යුතු වැඩි කාලයක් වැය කිරීමට මෙහෙයුම්කරුවන්ට සිදු වීමයි.

2021 වසරෙන් ආරම්භව, කළින් නොදන්නා යම් දූෂ්‍යකරණ හඳුනාගැනීම පිණිස ඒ කාර්යය වෙනුවෙන්ම සිදු කළ සමීක්ෂණයක් මගින් වැඩසටහන මෙම අභියෝගය සම්බන්ධයෙන් කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ අතුරා ඇති මුළු ප්‍රදේශය වර්ග කි.මී. 15.4 ට මදක් වැඩි බව 2022 වසර අවසන් වන විට බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, 2024 මාර්තු වන විට, එය වර්ග කි.මී. 24.1 දක්වා වැඩි වී තිබුණි. මෙම වැඩිවීමට හේතු වී ඇත්තේ දැනට ක්‍රියාත්මක වන තාක්ෂණික නොවන සමීක්ෂණය (NTS) මගින් හඳුනාගත් අතිරේක බිම්බෝම්බ සහිත ප්‍රදේශ දත්ත ගබඩාවට එකතු කිරීමයි.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය 2027 වර්ෂය අවසන් වන විට සපුරා ගැනීමට අපේක්ෂිත 5 වන වගන්තියේ බැඳීම් ශ්‍රී ලංකාව සම්පූර්ණ කිරීම දක්වා දිවෙන ක්‍රියාකාරකම් සහ අරමුණු ඉදිරිපත් කරයි.

මෙම ක්‍රියාවලියට කළින් හඳුනා නොගත් දූෂ්‍යකරණයන් හඳුනා ගැනීම පිණිස ඒ වෙනුවෙන්ම සිදු කරන තාක්ෂණික නොවන සමීක්ෂණයක්, දිගටම සිදුකරමින් පවතින සමීක්ෂණයක් සහ ලියාපදිංචි කරන ලද උපද්‍රවකාරී ප්‍රදේශවලින් බිම්බෝම්බ ඉවත් කිරීම සහ සම්පූර්ණ කිරීමේ සමීක්ෂණයක් ඇතුලත් වේ.

ශක්තිමත් තොරතුරු කළමනාකරණ සහ තත්ත්ව කළමනාකරණ ක්‍රියාදාමවලින් සහාය ලබන පැහැදිළි සහ සංසක්ත ක්‍රියාදාම මත පදනම්ව, සම්පූර්ණ කිරීමේ ලේඛන අත්සන් තබන අවස්ථාවේ දී, බිම්බෝම්බ වළලා ඇති සියලු ප්‍රදේශ හඳුනාගෙන ඉවත් කිරිම පිණිස සියලු සාධාරණ ප්‍රයත්න යොදා ඇති බවට සහ පරිපාලන ප්‍රදේශය තුළ බිම්බෝම්බ ඇති බවට තවදුරටත් සාක්ෂි නොමැති බවට තමන්ට විශ්වාස බව තහවුරු කරමින් පරිපාලන ප්‍රදේශ 'සම්පූර්ණ කර ඇති ප්‍රදේශ' ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවසන් කිරීමේ සමීක්ෂණය ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා දෙයි.

දිස්ත්‍රික්කයක සිටින එක් එක් ග්‍රාම නිලධාරියා විසින් තමන් යම් පිපිරුම් යුද්ධෝපකරණ දූෂ්‍යකරණයක් පිළිබඳව නොදන්නා බවට සහතික කළ යුතුය. දිස්ත්‍රික්කයක් තුළ සියලු ගම්මානවලින් ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණ කළ විට දී, එය "බිම්බෝම්බ" වලින් තොර බව දිස්ත්‍රික් බලධාරින් සහතික කරනු ඇත.

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය අදාළ ප්‍රදේශවල එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ (ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය) ගැටුුම් ඉතිහාසය සහ පිපිරුම් යුද්ධෝපකරණ දූෂ්‍යකරණය විශ්ලේෂණය කර තිබේ. ගැටුමෙන් බලපෑමට ලක් වූ ග්‍රා.නි. කොට්ඨාශ පිළබඳ ලැයිස්තුවක් එමගින් ලබා ගත් අතර පහත දැක්වෙන ක්‍රමවේදය මත පදනම්ව ඒවායේ සම්පූර්ණ කිරීමේ සමීක්ෂණය සිදු කරනු ඇත.
පළාත්/දිස්ත්‍රික්ක සම්පූර්ණ කිරීමේ සමීක්ෂණය අතරතුර යාමට නියමිත ග්‍රා.නි.කො. පළාත්/දිස්ත්‍රික්ක සම්පූර්ණ කිරීමේ සමීක්ෂණය අතරතුර යාමට නියමිත ග්‍රා.නි.කො. ගැටුම් තීව්‍රතාවය සහ පිපිරුම් යුද්ධෝපකරණ වලින් දුෂ්‍යකරණය වීමට ඇති හැකියාව
උතුරු පළාත: යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, මන්නාරම
සියල්ල
ඉහළ
නැගෙනහිර පළාත: ත්‍රිකුණාමලය, මඩකලපුව (අම්පාර නොමැතිව)
ගැටුමෙන් බලපෑමට ලක්වූ සියලු ග්‍රා.නි.කො. සහ සියලු යාබද ග්‍රා.නි.කො. මධ්‍යස්ථ
මධ්‍යස්ථ
අනෙකුත් සියලු පළාත් සහ දිස්ත්‍රික්ක: පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව සහ අම්පාර ඇතුළුව ගැටුමෙන් බලපෑමට ලක්වූ ග්‍රා.නි.කො. පමණක් අඩු
ගැටුමෙන් බලපෑමට ලක්වූ ග්‍රා.නි.කො. පමණක්
අඩු
සියලු බිම්බෝම්බ ක්‍රියාකාරී මෙහෙයුම්කරුවන් 2022 වසරේ සකස් කළ සම්පූර්ණ කිරීමේ සමීක්ෂණ සම්මත මෙහෙයුම් පරිපාටි ප්‍රකාරව සම්පූර්ණ කිරීමේ සමීක්ෂණය පවත්වයි.
2023 දී, බිම්බෝම්බ ක්‍රියාකාරී මෙහෙයුම්කරුවන් පස් දෙනාගේ සාමූහික ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස වර්ග මීටර 6,130,384.55 ක මුළු භූමි ප්‍රමාණයක් නිදහස් කර ඇත.
MAG HALO DASH SHARP SLA HDU
වර්ග මීටර 2,491,381
වර්ග මීටර 2,503,425.05
වර්ග මීටර 618,397
වර්ග මීටර 340,364
වර්ග මීටර 176,817.5

Use of Land Released in 2023

(Source: IMSMA)
2023 වසරේදී, නිදහස් කළ ඉඩම්වලින් සැලකිය යුතු කොටසක් වූ මුළු බිම් ප්‍රමාණයෙන් 60% ක්, කලාපයේ සංචාරක කර්මාන්තය සඳහා වැඩි අවස්ථා නිර්මාණය කරමින් සුරක්ෂිත ප්‍රවේශය සහ ස්වභාවික සම්පත් සංරක්ෂණය සහතික කිරීම පිණිස වෙන් කරන ලදී. නිදහස් කළ ඉඩම්වලින් 20% ක් කලාපයේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වෙන් කරන ලද අතර ඉඩම්වලින් 13% ක් නැවත පදිංචි කිරීමේ කාර්යයන් සහ නේවාසික ප්‍රදේශ වෙත සුරක්ෂිත ප්‍රවේශය සඳහා වෙන් කරන ලදී.
Skip to content